BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, October 12, 2014

නිමල් ලාන්සා කුඩු බිස්නස්කාරයෙක්ද?

 • කටට බේ්‍රක් නැති හින්දා වැටිච්ච නඩු ගාණ කීයද...?
මෙහෙමයි. ඒවා කටට බේ්‍රක් නැති නිසා වැටුණු නඩු කියන්න බැහැ. මම කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්න. කුඩු නිසා පාසල් ශිෂ්‍යයන්ගේ එතකොට තරුණයන්ගේ ජීවිත විනාශ වෙනකොට මම ඒ ගැන බය නැතිව කතා කරන එක කටට බේ්‍රක් නැති කමක්ම නෙවේ. මට නඩු වැටිලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ගැන කතා කරලා මිසක් මගෙ පෞද්ගලික ප්‍රශ්න ගැන කතා කරලා නෙවේ.

 රන්ජන් "වන්ෂොට්" ලන්සා "ගෝඩ්ෆාදර්" ද


නිමල් ලාන්සා + නිමල් ලාන්සා


 


මම මීගමුවට එනවට ලන්සා බය වෙලා - රන්ජන් රාමනායක
• මේ වෙද්දි නඩු කීයක් උසාවියෙ තියෙනවද?
දැනට නඩු තුනක් වැටිලා තියෙනවා.
• කටට බේ්‍රක් නැති හින්දා වැටිච්ච නඩු ගාණ කීයද?
මෙහෙමයි. ඒවා කටට බේ්‍රක් නැති නිසා වැටුණු නඩු කියන්න බැහැ. මම කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්න. කුඩු නිසා පාසල් ශිෂ්‍යයන්ගේ එතකොට තරුණයන්ගේ ජීවිත විනාශ වෙනකොට මම ඒ ගැන බය නැතිව කතා කරන එක කටට බේ්‍රක් නැති කමක්ම නෙවේ. මට නඩු වැටිලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ගැන කතා කරලා මිසක් මගෙ පෞද්ගලික ප්‍රශ්න ගැන කතා කරලා නෙවේ.
• දයාසිරි කෝටි 50යි, ලාන්සා කෝටි 100යි. මීට අමතරව තව කවුද අපහාස නඩු දාලා සල්ලි ඉල්ලලා තියෙන්නේ?
මැදපෙරදිග ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න ගිහින් සමහර ඒජන්සිකාරයෝ මට එන්තරවාසි එවලා තියෙනවා. ඊට අමතරව ලෙබනන් තානාපති එන්තරවාසියක් එවලා තියෙනවා. හැබැයි මේ අයගෙන් නඩු වැටුණෙ නැහැ. මම දූෂණ, වංචා බය නැතිව හෙළි කරන හින්දනේ මෙහෙම නඩු දාන්නේ.
• නිමල් ලාන්සා කුඩු බිස්නස්කාරයෙක්ද?
මේකෙ ඇත්ත මීගමුව බහුතර ජනතාව දන්නවනේ. වැඩේ තියෙන්නේ මේක කලින් දැනගෙන හිටියේ ගම්පහ දිස්ත්‍රික් ජනතාව විතරයි. අනෙක මේ වගේ කතාවක් කිව්වෙ පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයෙයි. වැහිලා තිබ්බ ඒ කතාව ආයේ හාරඅවුස්සලා ගත්ත නිසා ලන්සාගේ වැඩ ගැන දැන් ලංකාවම දන්නවා. මට වෙලාවකට හිතෙනවා මේක මේ ලන්සාගෙ සල්ලි ගරාගන්න
ලන්සා ගේ නීතිඥයෝ එකතු වෙලා කරපු වැඩක්ද කියලත්. මේකෙන් තව තවත් කුණු ඇවිස්සෙනවා විතරනේ වෙන්නේ.
• නිමල් ලාන්සා කුඩු බිස්නස් කරනවා නම් මොනවද ඔප්පු කරන්න තියෙන සාක්‍ෂි?
ලන්සා ගේ ව්‍යාපාර ගැන තියෙන ෆයිල්ස් මං ගාව තියෙනවා. එතකොට රෙකෝඩ් කරපු දුරකතන සංවාද, ෆෝන්වලින් කරපු වීඩියෝ දර්ශන, ටී.වී. නාළිකාවල ගියපු මේ සම්බන්ධ විශේෂ තොරතුරු ඒ හැම දෙයක්ම මං ගාව තියෙනවා.ලාන්සාට විවාදෙට එන්න කියන්නකෝ. ඊට පස්සේ මට ඒවා දෙන්න පුළුවන්.
• ඇත්තද නිමල් ලාන්සාට ගහන්න තොරතුරු දෙන්නේ සරත් කුමාර ගුණරත්නයා කියන්නේ?
එතුමට මට කියලා ගහන්න ඕනෙ නැහැනේ. ඇයි  කියලා තිබ්බා නේද මීගමුවේ ගෝඩ් ෆාදර් කෙනෙක් ඉන්නවා. මීගමුව විනාශ කරන්නේ
ලන්සා කියලා. එකම පැත්තේ කට්ටිය ගහගන්න එකට මට කරන්න දෙයක් නැහැ.
• කුඩු චෝදනා ඔප්පු කරලා පෙන්වන්න ලැහැස්තියි විවාදෙකට එන්න කියලා ඔබ කරපු අභියෝගය ලන්සා ඇමැතිවරයා භාර අරගෙන තියෙනවා. කවදද විවාදෙ තියෙන්නේ?
ලන්සා කියන ඕනෙම දවසක. ඕනෙම මාධ්‍යයක මම විවාදෙට එන්න ලෑස්තියි. ඔහු පළාත් සභා මන්ත්‍රිවරයෙක්. ඒත් කමක් නැහැ. මම විවාදෙට එන්න ලැහැස්තියි.
• ඔබ රත්නපුරෙන් ආවට රත්නපුර ජනතාවට මොනවද කරලා තියෙන්නේ?
මම රත්නපුරින් ඡන්දෙ ඉල්ලලා සබරගමුවේ විපක්‍ෂ නායක විදියට ඉස්සෙල්ලම පත්වුණා. ඒ වෙලාවේ මම ප්‍රතිඥා දීපු සියල්ල ජනතාව වෙනුවෙන් ඉටුකළා. මම දේශපාලනයට ආපු කාලේ ඉඳලා තවම එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩු බලයක් තිබ්බෙ නැහැ. මම ඍජුව වංචා, දූෂණ හෙළි කරන හින්දා මට මරණ තර්ජන ඇති තරම් තියෙනවා. මගේ නෑදෑයෝ පවා පුදුම වෙනවා ඒ වගේ මරණ තර්ජන එක්ක මම තාම ජීවතුන් අතර ඉන්න එක ගැන. මම රත්නපුරයට ගිහින් කුඩු විකුණලා නැහැ. බට් වාහන බිස්නස් කරලා නැහැ. ගණිකා නිවාස, මසාජ් සෙන්ටර් තියාගෙන හම්බකරලා නැහැ. මම රත්නපුරින් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිහින් ඒක ඇතුළේ තියෙන වංචා, දූෂණ බය නැතිව හෙළි කරන එක ගැන රත්නපුරේ ජනතාව අදටත් මට ස්තුතිවන්ත වෙනවා. ඔබ මේ දූෂණ, වංචා හෙළි කරන්නේ අපේ දිස්ත්‍රික්කේ ජනතාව ඔබව පාර්ලිමේන්තු යවපු නිසා කියලා.
• පුළුවන් නම් මේ පාරත් රත්නපුරෙන්ම ඡන්දෙ ඉල්ලලා ගිය පාරට වඩා එක මනාපයක් හරි වැඩිපුර අරගෙන පෙන්නුවොත් දේශපාලනයෙන් සමුගන්නවා කියලා ලන්සා ඇමැතිවරයා කියනවා?
ඒකෙන්ම පේනවනේ
රන්ජන් මම මීගමුවට එනවට කොච්චර බයද කියලා. මාව ආයෙ රත්නපුරේටමයි තල්ලු කරන්න හදන්නේ. මම මීට අවුරුද්දකට කලින් තමා ගම්පහට ආවේ. සබරගමුව පළාත් සභා ඡන්දෙදි අපේ පැත්තෙන් මහ ඇමැති අපේක්‍ෂකයා විදියට තරග කරන්න හිටපු මහත්මයට ආපු තර්ජන හින්දයි මම රත්නපුරේට ගියේ. ඒ ගිහින් ඡන්ද එක්ලක්‍ෂ තිස්දෙදහක් අරගෙන අපේ පක්ෂේ උස්සලා ගත්තා. දැන් කටානේ, මීගමුවේ ජනතාව කියන්නේ ඔබ ඉපදුණේ මීගමුව ඉස්පිරිතාලෙ, ඉතින් ඇයි ඔබතුමා පිටගම් කාරයෙක් වගේ ඉන්නේ කියලා. මම එතුමට කියන්නේ රත්නපුරේ පටලවගන්න එපා. පුළුවන් නම් ඊළඟ ඡන්දෙදි මගෙත් එක්ක මීගමුවෙන් තරග කරල එක ඡන්දයක් හරි වැඩිපුර අරගෙන පෙන්වන්න. එහෙම බැරි වුණොත් ඇමැතිකමෙන් අස්වෙන්න කියලා.
රන්ජන් උසාවි එන දවසට මීගමුවේ ගෑනු බලා ගනීවි - නිමල් ලන්සා
• ඔබතුමා වැඩිපුර බය රන්ජන් රාමනායකටද, එහෙම නැත්නම් සරත් කුමාර ගුණරත්නටද?
මම ඔය කාටවත් බය නැහැ. ඔතැන තියෙන්නේ මනාප ප්‍රශ්නයක්. මම මීගමුවෙන් ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වෙලා සරත් කුමාර ගුණරත්න ඇමැතිට වඩා වැඩි මනාප ගනියි කියලා බයනේ ඔතැන තියෙන්නේ. මට විරුද්ධව කතා ගොතන්නේ ඒකයි. ඒ ලණුව කාලා තමයි රන්ජන් රාමනායකත් මට විරුද්ධව ඔය චෝදනාව කරන්නේ. එතුමගේ කටට බේ්‍රක් නැහැනේ. නැතිව මට
රන්ජන් එක්ක පෞද්ගලික තරහක් නැහැ.
• ඔබ කුඩු ව්‍යාපාරවලට සම්බන්ධයි කියලා රන්ජන් රාමනායක කියන්න කලින් තව මැති ඇමැති කිහිපදෙනෙක්ම කිව්වනේ. ඇයි ඒ අයට නඩු නොදා රන්ජන් රාමනායකටම නඩු දැම්මේ?
මට තාම හොයාගන්න බැහැ මගේ නම කියලා පාර්ලිමේන්තුවෙන් පිට මේ වගේ චෝදනාවක් කරලා තියෙනවද කියලා. රන්ජන් රාමනායක මන්ත්‍රි තමා වේදිකාවට ඇවිල්ලා මෙහෙම චෝදනාවක් කළේ.
• ඒ වුණාට ඔබ පැහැදිලිව කියලා තිබ්බා නේද සරත් කුමාර ඇමැති කරන චෝදනාවලටත් ඉස්සරහට නඩු දානවා කියලා?
මම කිව්වේ මට විරුද්ධව එහෙම චෝදනාවක් කරන ඕන කෙනෙක්ට නඩු දාන්න සූදානම් කියලා. ඒකේ පළමු වැනි පියවර විදියට රන්ජන් රාමනායකට නඩු දාලා තියෙනවා.
මේ චෝදනාව රන්ජන් රාමනායක කරන්නේ මීට මාස ගාණකට කලින්. ඇයි දැන් නඩු දාන්නේ?
මෙහෙමයි... මේක තිබ්බෙ එතුමගේ වෙබ් සයිට් එකේ. මම මේක පුවත්පතක හෝ ටී. වී. එකක දැක්කෙ නැහැ. රන්ජන් රාමනායකගේ සමාජ වෙබ් අඩවියෙන් මේක මම අරගෙන විශේෂඥයෙක්ට දීලා මේක ඔප්පු කරන්න පුළුවන්ද කියලා බලනවා. ඒකට මාස 2ක් යනවා. ඊට පස්සේ මේක පිළිබඳ ලංකාවේ ඉන්න ඉහළම නීතිඥයෝ හම්බවෙලා ඒ අයගේ උපදෙස් ගන්නවා. ඒකට මාසයක් යනවා. මට නඩුවක් පරදින්න දාන්න බැහැනේ. මේක දිනන්න අවශ්‍ය කරුණු හොයාගෙනයි මම දාන්නේ. අනිවාර්යයෙන් මේක දිනනවා.
• තියන චෝදනා ඔප්පු කරන්න නම් ප්‍රසිද්ධ විවාදෙකට එන්න කියලා රන්ජන් රාමනායක අභියෝග කරනවා...?
රන්ජන් කැමැති ඕනම තැනක, ඕනම වෙලාවක, ඕනම මාධ්‍යයක විවාදෙකට එන්න මම ලැහැස්තියි. රන්ජන් ළඟ ඔය තියනවා කියන වීඩියෝ පට ටිකයි, කැසට් පට ටිකයි අරගෙන එන්න කියන්නකෝ. ඇවිත් ඔය කියන විදියට ඔප්පු කරලා පෙන්නන්න. කොහොමත් එතුමා උසාවි එන දවසට මීගමුවේ ගෑනු, මිනිස්සු එතුමව වට කරගන්නේ නැද්ද කියලා බලන්නකෝ.
• ඇත්තද සරත් ගුණරත්න ඇමැතිවරයට විරුද්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කාර්යාංශයට පෙත්සම් ගැහුවා කියන්නේ?
මම පෙත්සම් ගහලා නැහැ. ඒකෙ තියනවා එතුමා ආණ්ඩුවට අයත් ඉඩමක් අරගෙන බේරල දෙන්නම් කියලා ගිවිසුමකට ගිහින් ලක්‍ෂ 3,600ක් අරගත්ත කේස් එකක්. ඒකට නඩු දාලා තියෙනවා. ඒක මම දාපු එකක් නෙවේ.
මීගමුවේ ගෝඩ්ෆාදර් කියනවට ඔබ ආස ඇති නේද?
ඒකත් ඔය නියෝජ්‍ය ඇමැතිගේ චෝදනාවක්නේ. මීගමුවේ මිනිස්සු දන්නවා මම තනියම යන්නේ, තනියම ඉන්නේ කියලා. මට ගෝඩ්ෆාදර් කියනවා නම් මම දන්නෙ නෑ ඒ මිනිහට පිස්සුද කියලා. හැබැයි ඔය ජින් බෑන්ඩ් කල්ලි හදාගෙන මිනී මැරුවේ කවුද කියලා නම් මීගමුවේ මිනිස්සු දන්නවා. අපිට පොලිසියේ, උසාවියේ නඩු නැහැ. අපි මිනී මරලා නැහැ. අපේ අත්වල ලේ නැහැ. දැන් ඔය සරත් කුමාර ගුණරත්නටයි, රන්ජන් රාමනායකටයි තියන නඩු ටික හොයලා බලන්නකෝ.
• ඊළඟ පාර පාර්ලිමේන්තු ඡන්දෙන් සරත් කුමාර ඇමැතිවරයාට ගේම දෙන්නද හිතන් ඉන්නේ?
මට කාටවත් ගේම් දෙන්න ඕන නැහැ. මම ජනතාවත් එක්ක ඉන්නවා කියලා මිනිස්සු දන්නවා. මම අද කියනවා, ඔයා බය නැතිව ලියන්න ඊළඟ ඡන්දෙන් මම සරත් කුමාර ඇමැතිවරයාට වඩා දෙගුණයක් මනාප ගන්නවා. එතුමා පාර්ලිමේන්තුවට ඉල්ලුවොත් එතුමට ලැබෙන්නේ විසි එක් වැනියාගෙන් දහ නව වැනි තැන.
• මේ ළඟදී ඉඳලා ඔබ ගත්ත දේපොළ විකුණනවලු නේද?
මට විකුණන්න දේපොළක් දැන් නැහැ. ඡන්දෙට මගේ තිබ්බ දේපොළ 2ක් වික්කා ඇත්ත. ඊට පස්සේ විකුණන්න කියලා දේපොළක් මගේ නැහැ.
• ඔබ මොනවා කියෙව්වත් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඉන්නේ සරත් කුමාර ඇමැතිවරයා එක්කනේ?
සුදර්ශනීත් එක්ක මට කිසි ප්‍රශ්නයක් නැහැ.
සුදර්ශනී එහෙම කාගෙවත් පැත්තක නැහැ.
• ඔබේ මල්ලි කාන්තාවකට ඇසිඩ් ගැහුවා කියලා තියන චෝදනාවට මොකද වුණේ?
ඔය ඔක්කොම සරත් කුමාරගේ කතානේ. එහෙම නම් ඔය කියන දේට විරුද්ධව පොලිසියේ ඇන්ටි්‍ර එකක් තියෙන්න එපැයි. එහෙම මොකුත් නැහැනෙ මහත්තයෝ.
• කොච්චර නෑ කිව්වත්, ඉඊජ් එකෙන් ගෙදරට පැන්නේ ඔබගේ කුඩු ව්‍යාපාර ගැන හොයන්නනේ.
නෑ නෑ. ඒ පැන්නේ් කුඩුවලට නෙවේනේ. ඒ වැරැදි චෝදනාවක් මත බට් වාහන චෙක් කරන්න ආවේ කියලා ඊළඟ දවසේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සමාව ගත්තනේ. ඒකත් මේ දේශපාලනඥයා කරපු වැඩක්. ඒ සිද්ධිය වෙලා ඊට පහුවදායි ජනාධිපතිතුමා අපේ ගෙදර ආවේ. ඒ නිසා එතැන කිසිම සම්බන්ධයක් නැහැ.
• රන්ජන් රාමනායක කියන්නේ  ගම්පහින් ඡන්දේ ඉල්ලන්න එනවට ඔබ බය වෙලා ඉන්නවා කියලා?
අනේ නෑ. රන්ජන් රාමනායක කියන්නේ කවුද?
රන්ජන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට කිසිම දෙයක් කරලා නැහැනේ. දැන් රන්ජන් අලුත් දිස්ත්‍රික්කයක් හොයාගෙන තියෙනවා. රන්ජන් සිනමාවේ බොරු කළාට මහ පොළොවේ ඒක කරන්න බැහැනේ. පුළුවන් නම් මම අභියෝග කරනවා රන්ජන්ට මේ පාරත් රත්නපුර දිස්ත්‍රික්කෙන්ම ඡන්දෙ ඉල්ලලා ගිය පාරට වඩා එක ඡන්දයක් හරි වැඩිපුර අරගෙන පෙන්වන්න කියලා. එහෙම වුණොත් මම පැහැදිලිව කියනවා මම මේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා කියලා.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger