BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, October 18, 2014

ලොව පළමු පියාසර කළ හැකි මෝටර් රථය

ලොව පළමු පියාසර කළ හැකි මෝටර් රථය චෙකොස්ලෝවැකියා මෝටර් රථ සමාගමක් මගින් නිපදවා තිබේ.

ඔස්ට්‍රියාවේ පැවැත්වෙන The Pioneers Festival නමැති ප්‍රදර්ශනයකදී ලබන 29 වන දා මෙය එළි දක්වීමට නියමිතය. එම මෝටර් රථය නිර්මාණය කළ ප්‍රධාන ඉංජිනේරුවරයා වන්නේ ස්ටෙෆාන් ක්ලීන් (Stefan Klein)ය. 

AeroMobil 2.5 ලෙස නම් කර ඇති මෙම මෝටර් රථයට ඉදිරියට පමණක් ධාවනය කළ හැකි රෝද වලින් යුක්තවෙයි. මෙම මෝටර් රථය පැයට සැතපුම් 100ක වේගයෙන් ධාවනය කළ හැකි අතර සැතපුම් 540ක් ගුවනින් ගමන් කළ හැකිවේ.
මෙම මෝටර් රථය නිර්මාණය කර ඇත්තේ ස්පෝට්ස් කාරයකට තටු දෙකක් සවි කිරීමෙනි. මෙම මෝටර් රථයට කුඩා ගුවන් යානයක එන්ජිමකට සමාන ධාරිතාවයකින් යුතු එන්ජිමක් සවිකර තිබේ.
මෙම මෝටර් රථයේ මීලඟ අදියර ලෙස AeroMobil 3.0 නමින් එළිදැක්වීමට නියමිත අතර එය අඩි 6000ක් පමණ අහසේ පියාසර කළ හැකි ලෙස නිපදවීමට නියමිතය.
1990 වසරේ සිට කරන ලද පර්යේෂණ අනුව මෙය නිපදවා තිබේ.
ඊට අදාල වීඩියෝව http://aeromobil.com/ වෙබ් අඩවිය මගින් නරඹන්න

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger