Friday, September 12, 2014
මං පිරිවෙන් කාලෙදි ආසන හතේ බණක් කීවා....
මගේ උපසම්පදාව 1941 අවුරුද්දේදී අස්ගිරි මහා විහාර උපෝසථාගාරයේදී සිදු වුණා.
උපසම්පදාවේදී පාඩම් ඇහීමකුත් තිබුණාද..........?
ඔව්.... ඔව්.... ලොකුවටම නොවේ...... නමුත් සේයා, දින චරියා සතර කමටහන්, පිරිත් ආදිය ගැන පාඩම් ඇහැව්වා....... ඒ අනුසාරයෙන් තමයි, අවුරුදු දෙසිය ගණනක් තිස්සේ අප සංඝසභාව ඉදිරියට ගෙන ආවේ. ලන්ඩන් බී. ඒ. පාස්කරලා නෙවෙයි, මේ දක්වා සංඝ සභාව ගෙන ආවේ. හොඳට ඉගෙන කියාගත්ත ඇත්තෝ පොත් එහෙම ගහගෙන ඇවිදින් ඉදිරිපත් කරලා විශේෂ ගෞරව නාම ලබා ගන්නවා. අදනම් ඒවා ටික ටික අඩුවේගෙන යනවා.
ඔය උපසම්පදා වෙන කාලයේ අස්ගිරි පාර්ශවයේ වැඩ සිටිය මහානායක හාමුදුරුවෝ කවුද....?
අතිගරු මුල්ලේගම ගුණරතනාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේයි. පසුකාලයේ ලෝකප්‍රකට මහානායක හාමුදුරු නමක් වශයෙන් වැඩ සිටිය අතිගරු පලිපාන චන්දානන්ද මහානායක හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ තමයි, ඒ මුල්ලේගම මහානායක හාමුදුරුවෝ. මාතලේ පිරිවෙනේ ප්‍රාචීන මධ්‍යම විභාගයත් පාස්වෙනකම්ම ඉගෙන ගත්තා. ඊළඟට අපව යෑව්වා, විෙද්‍යාදය පිරිවෙනේ ත්‍රිපිටක ධර්ම පරීක්ෂණයකට. ඒ කාලයේ බොහෝම හොඳට පොතපත කියෙව්වා. මේ විභාගයට යන්නම ඕනෑ කියලා බොහෝ ඇත්තන්ගෙන් උපදෙස් ලැබුණා. මේ විභාගයට යැම නිසා පොත් ගොඩක් හොඳට පරිශීලනය වන බවත් අපට වටහා දුන්නා. ඒ කාලයේ ඒ පරීක්ෂණය සඳහා මූලිකව ක්‍රියා කළේ කෝට්ටේ පාර්ශවයේ උතුම් අනුනායක පදවියක් හෙබවු රද්දැල්ලේ ශ්‍රී ප්රඤ්Æලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේයි. ත්‍රිපිටක පරීක්ෂණයෙන් මා හොඳට සමත් වුණා. ඊළඟට මට හිතුණා භාණක උපාධියකටත් පෙනී සිටින්න ඕනෑය කියලා. ඒ අනුව ම-Cධිමභාණක උපාධියත් ලබාගත්තා. ඊළඟ අවුරුද්දේ පෙනී සිටියා දීඝභාණක පරීක්ෂණයට. ඒකත් සමත් වුණා. ඔය වෙනකොට මම ප්‍රසිද්ධ ධර්ම දේශකයෙක් වෙලා සිටියේ. ආසන දෙකේ බණ හොඳට මට කියන්න පුළුවන්. අනිත් අය කියන හැටියට මට හොඳ කටහඬකුත් තියෙනවා. ලව්ඩ්ස්පීකර් ඕනෑකමක් නැහැ. ඒ කාලයේ ලව්ඩ්ස්පීකර් තිබුණෙත් නැහැ. මේ අතර මට අපේ මාතලේ පිරිවෙනේම ආචාර්ය පදවියකුත් ලැබුණා. ඔය කාලය වෙනකොට තමයි, විෙද්‍යාදය, විද්‍යාලංකාර මහ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පත්වුණේ. පිරිවෙනේ අපේ නායක හාමුදුරුවෝ ඕවාට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. දවසක් පිරිවෙනේ නායක හාමුදුරුවො මට කීවා,
අත්ථදස්සි... අපි ඔය ත්‍රිපිටක පොත් ටික උන්නාන්සේලාට හොඳට උගන්වමු.......... ඒක හොඳටම ඇති............ කියලා මට කීවා.
දවසක් පිරිවෙනේ උගන්වමින් සිටින අතර හැතැප්ම පහක් හයක් ඈත පන්සලක ලොකු හාමුදුරු නමක් ඇවිදින් පිරිවෙනේ නායක හාමුදුරුවන්ට ආරාධනා කළා, ආසන හතක බණක් කියන්න ඕනෑ කියලා.
නායක හාමුදුරුවනේ..... ආසන හතේ බණ විශේෂම බණ ක්‍රමයක් වන්නට ඕනෑ නේද?....... ඒ ගැන ටිකක් විස්තර කළොත් හොඳයි......
ඔව්.... ඔව්..... ඒක හොඳ පැරණි බණ කීමක්.
නායක හාමුදුරුවනේ......... රැ එළිවෙනකම්ම බණ කියනවද....?
රැ එළිවෙනකම්ම බණ කියලත් මදි......... ඒ තරම්ම දිගට බණ කියනවා......... ඇයි ඉතින් බණ ආසන හතක්නේ........... නායක හාමුදුරුවෝ සමඟයි ඒ ආව ඇත්තෝ කථා කර කර හිටියේ.... මම මේ මොකවත් දන්නේ නැහැ......... පිරිවෙනේ නායක හාමුදුරුවෝ මට පණිවුඩයක් එවා තිබුණා එන්න කියලා. මම ගියාම නායක හාමුදුරුවෝ,
මම මේ එන්න කියලා පණිවුඩයක් යෑව්වේ අසවල් දවසේ ආසන හතේ බණක් තියෙනවා........ ඒක ඉතින් කොහොම හරි කියන්න ඕනෑ........ කියලා පිරිවෙනේ නායක හාමුදුරුවෝ මට කීවා.
මම ඔය වෙනකොට දැනගෙන හිටියේ ආසන දෙකේ බණ ගැන විතරයි. ආසන හතේ බණ කියවන්නේ ඉතාමත්ම කලාතුරකින්. නමුත් ඔය කාලයේ ආසන හතේ බණත් තිබුණා. ඔය වෙනකොට ආසන හතේ බණක් මම අහලා තිබුණෙත් නැහැ. ආරාධනාවට ගෙනා දැහැත් එකත් මට දෙන්න කියලා නායක හාමුදුරුවන් ඒ ඇත්තන්ට කීවා. ඒ සමඟම පිරිවෙනේ නායක හාමුදුරුවෝ මට කිSවා, මේ ආසන හතේ බණ කියන්න සූදානම් වෙන්න ඕනෑ......... කියලා. ඉදිරියට තව සති දෙකක කාලයක් තියෙන බව උන්වහන්සේ අවධාරණය කළා. මම ඉතින් කල්පනා කරන්න පටන් ගත්තා. මොකක්ද මේ වෙන්න යන්නේ........... කියලා. පන්තියේ වැඩ ගැන පොත පත ගැන තිබුණු අවධානයත් මගේ නැති වෙලා ගියා. දැන් ඉතින් මේක මගේ ඔලුවට තදින් වැදුණා. පිරිවෙනේ වැඩ ඉවර වෙලා පන්සලට යන්න සූදානම් වන වෙලාවේ නායක හාමුදුරුවන් මට කතා කරලා කීවා,
හෙට හැන්දැවේ පිරිවෙනේ නතර වෙන්න බලාගෙනම එන්න............ කියලා.
මම කීවා හා... හා.... කියලා.
පසුවදා හැන්දැවේ පිරිවෙනේ නතර වෙච්ච වෙලාවේ නායක හාමුදුරුවෝ ඔක්කෝම තොරතුරු කියලා දුන්නා.
මෙන්න මේ ප්‍රාස ටික පාඩම් කරනවා හොඳට...... ආසන දෙකේ බණ දැන් හොඳට කියන්න පුළුවන්නේ....... සූත්‍ර තුනක් හොඳට බලලා සූදානම් කර ගන්න ඕනෑ...... කියලත් කීවා. ඉසිපතනයට එකක්, ෙ-තවනයට එකක් නිග්‍රෝධාරාමයට එකක් වශයෙන් මෙන්න පොත් තියෙනවා....... සච්ච විභංග සූත්‍රයත් හොඳට බලා ගන්නවා........ හොඳට පොත අතේ තියාගන්නවා,,. නමස්කාර ගාථා ඉතා හොඳට කියන්න ඕනෑ..... ප්‍රාස දිගින් දිගටම කියනවා.... විහරති කියන තැන දක්වා කියන්න ඕනෑ... ඊට එහා කියන්න වෙලා නැති වෙනවා..... සමය දොළහත් හොඳට කියන්න ඕනෑ..... නූගත් අයට හොඳට තේරෙනවා ෙ-තවනයේ, බාරාණසි කියන වචන ඇහෙනකොට...... ඒ වෙලාවට එක දෙකක් වෙන්න මහ හඬින් සාදුකාර දෙනවා... අන්තිමට ඉතින් මෛත්‍රී වර්ණනාවත් කියන්න ඕනෑ......
ආසන පහේ බණත් ඒ කාලයේ තිබුණා. මම දවසක් ආසන පහේ බණකටත් ගියා. තුන් හාරදාහක සෙනගක් රැස්වෙලා හිටියා බණ අහන්න. ඒ විතරක් නොවෙයි, අමරපුර නිකායේ රාමඤ්ඤ නිකායේ හාමුදුරුවරුත් සෑහෙන පිරිසක් වැඩලා හිටියා බණ අහන්න. මාත් ඔය බණට ගියේ ටිකක් සැකෙන් බියෙන් මම හිටියේ මැද ආසනයේ. වටේට අනෙත් ආසන හතර ගහලා තිබුණා. ඔන්න ඉතින් බණට වැඩමවාගෙන ගියා. මම මැද ආසනයට ගොඩ වුණා. අනෙත් වැඩ හිටිය හතර නමත් ඉතාම දක්ෂ හාමුදුරුවරු. ඒ වෙලාවේ මම හිතුවා මේ ඇත්තන් පරීක්ෂා කරන්නත් එක්ක ටිකක් වැඩියෙන් කියනවා කියලා. ඒ ඇත්තන් වැඩියෙන් කීවොත් මම හිතුවා, මට පාලි පුළුවන් නිසා පදෙන් පදේට අර්ථ කියනවා කියලා. ආසනේ වාඩිවුණාම මට තරමක ගැස්මකුත් ඇති වුණා. ආසනේ ළඟම බිම වාඩි වෙලා හිටිය දායක මහත්මයා මට කීවා,
නායක හාමුදුරුවනේ....... (මට එතකොට නායක කමක් තිබුනෙත් නැහැ) බය වෙන්න එපා........ මම මෙතන ළඟම ඉන්නවා.......... මේ ධර්මාසනය තියෙන්නේ බෝල සැට් එකක් උඩ........ මේක හතර වටේටම කරකවන්නත් පුළුවන් කියලා.
එහෙම කියන කොට මගේ හිතේ බය ටිකක් නැති වුණා. මම ඉතින් බණ ආරම්භ කළා. මුලින්ම නමස්කාර ගාථා කීවා. ඊළඟට ගාථාවල සන්න කිSවා. ධර්මාවවාදයත් ඉතාම කෙටියෙන් කළා. පැයකින් විතර ඒ මූලික කොටස අවසන් කළා කියලයි මට හිතුණේ. ඊළඟට අර දායක මහත්මයා කියනවා,
නායක හාමුදුරුවනේ...... දැන් මේ ආසනය මං කරකවනවා.... සැකක්, බයක් වෙන්න එපා......
කියලත් මට කීවා. කරකවනකොට මා සිටින්නේ අනෙක් ආසනයට කෙළින්මයි. ඒ හාමුදුරුවන්ට මාව කෙළින්ම පේනවා. මටත් ඒ හාමුදුරුවන්ව හරියටම කෙළින් පේනවා. හා..... දැන් හොඳයි කියන්න..... කීවාම ඒ හාමුදුරුවෝ පටන් ගත්තා. ඒ කටත් ඉතින් පැයක් විතර ගත වුණා. ඊළඟට අනෙත් හාමුදුරුවන්ගේ පැත්තට හැරෙව්වා. දැන් මුණට මුණලා පේනවා. ඒ හාමුදුරුවොත් කියන්න පටන් ගත්තා. ලස්සනට කීවා. මගේ ආසනයට අනෙක් ආසන පේන විදියටයි හදලා තිබුණේ. දැන් ඉතින් මට හොඳටම අමාරුයි. මම කොල කෑල්ලක් ලියලා යෑව්වා උරුලෑවත්තේ ධම්මරක්ත කියන ගෝල නමට, මල්ලිකෝවාද සූත්‍රය ළඟට කීවාම ඇති එතනින් නතර කරන්න කියලා. නතර කරලා බැලුවා වෙලාව කීයද කියලා. තුනහමාරයි. පාන්දර හතරට නතර කරලා අපේ ගෝල නමට උරුලෑවත්තේ ධම්මරක්ත නමට භාර දුන්නා. එයා හතරේ ඉඳලා පහමාර වෙනකම් මෛත්‍රී වර්ණනාව කරගෙන ගියා. මහජනතාවත් අහගෙන ඉන්නවා. හාමුදුරුවරුත් අහගෙන ඉන්නවා. ඇයි ඉතින් මේක අමුතු එකක්නේ...... බැලුවාම නාට්‍යයක් වගෙයිනේ....... වෙනසකට තියෙන්නේ කවුරුත් බලාගෙන අහගෙන ඉන්නේ මහත් ශ්‍රද්ධාවෙන් යුතුවයි. නාට්‍යයක් බලාගෙන ඉන්නකොට ශ්‍රද්ධාවක් ඇතිවෙන්නේ නැහැනේ. බලාගෙන ඉන්නකොට ශ්‍රද්ධාවක් ඇතිවෙන නාට්‍යයත් රඟදක්වන්න පුළුවන්. අපි මේ බණ කියන්නේ ශ්රද්ධාවෙන්මයි. මේ පළාතේ ඇත්තන් අපත් සමඟ එකතුවෙලා ඔය බණ කීම හොඳට කරගෙන ගියා. දැන් ඉතින් ආසන දෙකේ බණත් නැහැ, ආසන පහේ බණත් නැහැ, ආසන හතේ බණත් නැහැ. මගෙන් පස්සේ හුඟාක් ඉවර වෙලා යාවි. දැන් ඉන්න උන්නාන්සේලා මේවා ගැන කැමැත්තක් නැහැ. පහත රට ඇත්තන් ටික දෙනෙක් ඉන්නවා, හොඳට පිරිත් කියන අය. ඒත් ඉතින් සූත්‍ර කියන්න ගියාම ටිකක් අමාරුයි. උඩරට වෙනකොට නම් තත්ත්වය හොඳම නැහැ.
ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නාහිමි
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment