මීට අමතරව වත්මන් අලි අල්ලා ගෘහාශ්‍රිත කිරීමේ ජාවාරම්වලට එරෙහිව පෙළ ගැසෙන පිරිස්ද සමාජයේ සිටී. අලින්ට වන ගැහැට පිළිබදව ප්‍රකාශ නිකුත් කිරීම මෙන්ම මෙම ක්රියාදාමයේ යෙදෙන්නන් සහ ඊට සහාය දක්වන්නන් හෙළා දැකීම ඔවුන් සිදු කරති. කෙසේ වෙතත් මින් සමහරක් අලි ජාවාරාම හා බුද්ධ ධර්මය සම්බන්ධ කර ගෙන ප්‍රකාශ නිකුත් කිරීමට පෙළඹී ඇති බව දක්නට හැක. මේ අනුව ද්වේශය පදනම්ව ඉවක් බවක් නැතිව සහ නිසි අවබෝධයකින් තොරව පුද්ගලයන් සහ ආගමික සංස්ථාවන්ට එරෙහිව ක්‍රියාත්මක වී අලි ජාවාරමේ යෙදෙන්නන්ටත් වඩා පාපයන් පුරෝගන්නා ආකාරය දැක ගත හැක.
අප ජීවත්වන ලෝකයේ මිනිසා සුපිරි සත්ත්ව විශේෂයක් බවට පත්ව ඇත. තම බුද්ධිය උපයෝගි කරගෙන නිපදවූ තාක්ෂණික මෙවළම් හේතුවෙන් අන් සතුන්ව තම පාලනය යටතේ තබා ගැනීමේ හැකියාව මිනිසාට ලැබී ඇත. මෙම හැකියාව නිසා නිදහස් පරිසරයේ වෙසෙන සතුන්ව මස්, සම් සහ වෙනත් ශාරීරික කොටස් ලබා ගැනීම සදහා ඝාතනය කරති. එසේම මස්, කිරි, සම්, ශ්‍රමය හෝ වෙනත් ප්‍රයෝජනයක් සඳහා සත්ව පාලනය සිදු කරති. මීටත් අමතරව සතුන්ගෙන් ලද හැකි ආශ්වාදය හේතුකොට ගෙන සුරතල් සතුන් ලෙස ඔවුන්ව හදාවඩා ගැනීම සිදු කරති.
අලි සමග සංස්කෘතික හා ආගමික සම්බන්ධතා ගොඩනගා ගත් ජනතාවන්ද ලොව වෙසේ. සිංහල බෞද්ධ ජනතාව ඉන් එක් ජන කොටසකි. මේ හේතුව නිසා ආගමික සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වලට අලි යොදා ගැනීම බහුලව සිදුවේ. අලි සහභාගීත්වය උරුමව ඇති සංස්කෘතිය ඉදිරියට පවත්වා ගැනීමට රුකුල් දෙනවාක් මෙන්ම, ඒ ඒ ක්‍රියාකාරකම් සඳහා මහජන සහභාගීත්වය ඉහළ නංවා ගැනීමේ උපක්‍රමයක් බවටද පත්ව ඇත.
අතීතයේදී හීලෑ අලි යනු රටේ රජතුමාට අයිති සම්පතක් විය. මෙම සම්ප්රදාය කාලයත් සමග වෙනස් වී අලින්ගේ හිමිකම පුද්ගලයින් සතු වී තිබේ. වර්තමානයේ ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම්වල යෙදෙන සියලුම හීලෑ අලින්ගේ හිමිකම ඇත්තේ පුද්ගලයන්ට හෝ ආගමික ආයතනවලටය. වර්තමානයේ හීලෑ අලි පවත්වා ගැනීම සාධාරණීත්වයට පත් කරන්නේ සම්ප්‍රදායික ආගමික සහ සංස්කෘතික කටයුතු පවත්වා ගත යුතුය යන මතයේ සිටය. කෙසේ වෙතත් හීලෑ අලි හිමිකාරීත්වය දරන බොහෝ දෙනකුට හීලෑ අලියා යනු තවත් වාණිජ මෙවලමක් පමණි. මෙම තත්වය නිසා අද දවසේ හීලෑ අලි සංචාරක කර්මාන්තයේ යෙදෙනු දැකිය හැක. එය හුදෙක්ම හීලෑ අලි නඩත්තුවට යන වියදම පියවීමට නොව මහත් ලාභ ලබා ගැනීමේ අරමුණින් බව පැහැදිලිය.
පසුගිය කාලය පුරාවට හීලෑ අලින්ට බෝවීමේ අවස්ථාවක් ලබා දීමට අලි හිමියෝ කටයුතු නොකළහ. හීලෑ අලියෙකුගෙන් පැටවෙකු බිහි කර ගැනීමට කාලය වැය වීම සහ අලි උපයෝගි කර ගෙන සිදු කරන ආදායම් ඉපැයීමට බාධා සිදු වීම මෙයට හේතුව විය. එසේම වනයේ නිදහසේ වෙසෙන අලි අල්ලා හීලෑ කිරීම ලාභදායි නිසා ඒ වෙනුවෙන්ම පෙනී සිටීම ඔවුන් අතින් සිදු විය. කෙසේ වෙතත් 1970 දශකයේ සිට වන අලි අල්ලා හීලෑ කිරීම නීති විරෝධි කටයුත්තක් බවට පත්වීම නිසා හීලෑ අලි පරපුර පවත්වාගෙන යාම සඳහා වන අලි සැපයීම සිදුනොවීය. මේ හේතුවෙන් වයස්ගත වීම්, රෝගී වීම් මෙන්ම අනතුරු නිසා සිදු වූ අලි මරණ නිසා හීලෑ අලි සංඛ්‍යාව පහළ බැසීම සිදු විය.
පහළ බසින හීලෑ අලි ගහණය ඉහළ නංවා ගැනීම සඳහා වන අලි අල්ලා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා රජය වෙත ඉල්ලීම් කරන පිරිස් සමාජයේ ඇත. මොවුන් සියලු දෙනාම අලි හීලෑ කිරීම සාධාරණීකරණය කරන්නේ සංස්කෘතික හා ආගමික උත්සවවල අලින්ගේ කාර්යභාරය හුවා දක්වමින්ය. කෙසේ වෙතත් ලොව වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති අලින්ගේ පැවැත්ම තහවුරු කිරීමට සිදුවීම නිසාත්, අලින්ගේ සුභසාධනය සම්බන්ධයෙන් රට තුළ මෙන්ම ලෝක ජනමතයේ ඇතිවී ඇති යහපත් ප්‍රවණතාවය නිසාද නිදහසේ වෙසෙන අලි හීලෑ අලි කිරීමේ ක්‍රියාමාර්ගයට අවසර දීමේ හැකියාවක් රජයට නොමැත.
රජයෙන් අවසර නොලද්දත්, රටේ පිළිගත් නීතියට අනුව නීති විරෝධි කටයුත්තක් වුවද වන අලි අල්ලා හීලෑ කිරීම අප රටේ සිදුවන බව ප්‍රසිද්ධ රහසකි. මෙම අපරාධය කොතෙක් දුරට ව්‍යාප්තව ඇතත් මේ දක්වා අලි හොරකමට දඬුවම් ලද පුද්ගලයන්ද නොමැත. සම්මත සාරධර්ම බිඳ හෙළමින් සිදුවන අලි හොරකම පවතින නීතිය හමුවේ වරදක් නොවී දිගින් දිගටම වර්ධනය වීම පිටුපස පැවැසිය හැකි ඕනෑ තරම් කරුණු ඇත. රටේ පවතින නීතියට අනුව අලියෙකු ඇල්ලීම, ප්‍රවාහනය මෙන්ම සන්තකයේ පවත්වා ගැනීම නීති විරෝධිය. එසේම නීති විරෝධීව තමා සන්තකයේ අලියකු රඳවා ගත්තද, එම අලියා තමාගේ බව පෙන්වීමට නීතිය පිළිගත් ලියකියෑවිලි කූඨ ලෙස සකසා ඇත්නම් එයද වරදකි.
වන අලි ඇල්ලීම අලින්ගේ පාර්ශවයෙන් ඉතාමත් කෲරතර ක්රියාදාමයකි. තම මවගේ සෙනෙහස ලබමින් නිදහස් දිවියක් ගෙවන අලි පැටවෙකුට දිවිය පුරාම යදමින් බැඳි ජීවිතයක් උරුම වීම ෙ€දවාචකයකි. මේ ආකාරයට සත්ව හිංසාවේ යෙදෙන්නන් අතර පිංවතුන් නම් සිටිය නොහැක. ලොව සියලු සතුන්ට කාරුණිකත්ව පෑමේ බුද්ධ දේශනාවන්ට අනුව නම් මෙම කෲරතර ක්‍රියාව කෙසේවත් සාධාරණීය කළ නොහැක. අලියා යනු තිරිසන් සත්වයෙකි. ඒ අනුව තිරිසන් අපායේ ඉපදුණු අලියා ගෙවා දමන්නේ පූර්වයේ කළ අකුසල කර්මයන්ය. මෙම අලියා විෂය කොට ගෙන සුගතියේ ඉපදුනු මිනිසුන් සත්ව හිංසාව හා බැඳුණු අකුසල කර්ම නිසා හිමි කර ගැනීමට කටයුතු කරන්නේ සතර අපායයි. මේ අනුව අලි ජාවාරම පිටුපස මුදල් ගණුදෙනු, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම, අල්ලස සහ සත්ව සුභසාධනය කෙළෙසීම ආදී දේ මතු පිටින් ප්‍රදර්ශනය වූවත්, අපායගාමී අකුසල් පුරෝ ගන්නා මිනිසුන් සිටීම මෙම ගැටලුවේ ලොකුම ෙ€දවාචකය බව පැහැදිලිය.
පසුගිය කාලය පුරා වනයෙන් අලි පැටවු අල්ලාගෙන ව්‍යාජ ලියකියවිලිs උපයෝගි කරගෙන උන් තම භාරයේ තබාගෙන සිටින බොහෝ පුද්ගලයින් මෑත කාලයේ සල්ලිකාරයන් වූ පිරිස් සහ ප්රභූන්ය. වත්මන් සමාජයේ ධනය සහ බලය හමුවේ කළ නොහැක්කක් නොමැත යන ස්ථාවරයේ සිට නීති විරෝධි ලෙස තමන් සතු කරගෙන සිටින අලි නිසා මොවුන්ට සංසාරයේ විඳීමට සිදුවන වධවේදනා පිළිබඳව අවධානය යොමන්නේ නැත. සතෙකුට මවගේ සෙනෙහස මෙන්ම තම වර්ගයාගේ ඇසුර සහ ස්වාභාවික චර්යාවන් අහිමි කිරීම බරපතළ පාපයකි. යදමින් බැඳුණු අලියා තම ජීවිත කාලය පුරා අපහසුවෙන් ගමන් කරන පියවරක් පියවරක් පාසා මෙම පාපයේ බරපතළ කම තීව්ර වනු ඇත. තිරිසන් සතුන් තමා සන්තක කොට තබාගෙන අලි හිමිකරුවෝ මහත් ආශ්වාදයක් ලබන බව නොරහසකි. කෙසේ වෙතත් එම ලාමක ආශ්වාදය පිටුපස ගොඩනැඟෙන්නේ සසරේ කල්ප ගණනකට බල පැවැත්වෙන අකුසල කර්මයන් වේ. එසේම අලි තමා සන්තකයේ සාදාගන්නා මිනිසෙකුට මෙම භවය අවසානයේ තම චුති සිතට තමා නිසා සිරගතව වධ වේදනා විඳින අලියෙකු උපාදාන වුවහොත් එය ඔහුව තිරිසන් අපායට හෝ නිරයට ගෙනයාමට හේතුවක් වනු ඇත.
පන්සල් වෙහෙර විහාර ආශ්‍රිතව ආගමික පරිසරයක හැදී වැඩෙමින්, ආගමික ක්රියාකාරීත්වයන්ට දායකත්වය ලබා දෙන අලි ඇතුන්ට මතු භවයේ මිනිස් දිවියක් ලැබීමේ වාසනාව ලැබෙන බව පිළිගැනීමය. කෙසේ වෙතත් වර්තමානයේ සිටින බොහෝ හීලෑ අලින්ට නිසි විවේකයක්ද නොමැතිව පෙරහැරවල්වල යැමේ වාසනාව ලැබී නැත. වෙහෙර විහාරවලට අයිති අලින් සිටින්නේද ගිහියන්ගේ නිවෙස්වලය. තවත් අලි සිටින්නේ සංචාරකයන් පිනවන ස්ථානවලය. ඔවුන් නිතරම ගැටෙන්නේ ඇත් ගොව්වන් සමගය. බොහෝ ඇත් ගොව්වන් අලියා පිළිබදව නිසි අවබෝධය මෙන්ම අලියා කෙරෙහි කාරුණිකත්වයක්ද නොමැත. මේ නිසා අලින්ට බොහෝ අඩන්තේට්ටම් සිදුවේ. අලින්ට ප්‍රිය වචන අසන්නට ලැබී ඇති අවස්ථාවන් සීමිතය. යකඩ දම්වැල්වලට මැදිව, වධවේදනාවන්ට ලක්ව, රළුපරළු වචන ශ්‍රවණය වෙමින් ගත කරන ජීවිතයේදී අලි ලබන සතුටක් නැත. එසේම ස්වභාවිකව තමන්ට ලැබී ඇති චර්යාවන්වල යෙදීමට නොහැකිව මොවුන් සිටින්නේ අසහනයෙන්ය. මෙවන් දිවියක් ගෙවන අලි වාසනාවන්තයින් ලෙස හැඳින්විය නොහැක.
අද දවසේ හීලෑ අලි
රැකබලා ගැනීම මුදලාලිකරණයක් බවට පත්ව ඇති බවක් පෙනේ. සත්ත්ව කරුණාව මෙන්ම ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදායන් රැකගැනීමේ අරමුණු පසෙක ලා ක්‍රියාත්මක පිරිසක් අලි රැකිමේ වෙස් මුහුණ පැළද සිටිති. කැලයෙන් අලි අල්ලන රුපියල් කෝටි ගණන්වලට අලි විකුණන මෙම පුද්ගලයින් නිසා මහත්මා ගතිගුණ ඇති අලි හිමියන්ගේ හඬ යටපත්ව ඇත. මේ නිසාම කැලයෙන් අලි අල්ලන පිරිසගේ හඬ පමණක් මතුව ඇති අතර අලින්ට නිසි රැකවරණය දෙමින් ඔවුන්ව ආගමික පරිසරයක හදාවඩා ඔවුන්ව ආගමික හා සංස්කෘතික කටයුතුවල පමණක් යෙදවිය යුතු යෑයි කතිකාවත යටපත්ව ඇත.
මීට අමතරව වත්මන් අලි අල්ලා ගෘහාශ්‍රිත කිරීමේ ජාවාරම්වලට එරෙහිව පෙළ ගැසෙන පිරිස්ද සමාජයේ සිටී. අලින්ට වන ගැහැට පිළිබදව ප්‍රකාශ නිකුත් කිරීම මෙන්ම මෙම ක්රියාදාමයේ යෙදෙන්නන් සහ ඊට සහාය දක්වන්නන් හෙළා දැකීම ඔවුන් සිදු කරති. කෙසේ වෙතත් මින් සමහරක් අලි ජාවාරාම හා බුද්ධ ධර්මය සම්බන්ධ කර ගෙන ප්‍රකාශ නිකුත් කිරීමට පෙළඹී ඇති බව දක්නට හැක. මේ අනුව ද්වේශය පදනම්ව ඉවක් බවක් නැතිව සහ නිසි අවබෝධයකින් තොරව පුද්ගලයන් සහ ආගමික සංස්ථාවන්ට එරෙහිව ක්‍රියාත්මක වී අලි ජාවාරමේ යෙදෙන්නන්ටත් වඩා පාපයන් පුරෝගන්නා ආකාරය දැක ගත හැක. එසේම අලි ගෘහස්ථකරණයට එරෙහිවන්නෝ විරෝධාකල්ප ගොඩනඟනවා විනා ඉන් ඔබ්බට යන සමාජ කතිකාවතක් නිර්මාණය කිරීමට මෙම පිරිස් ඉදිරිපත් නොවීමද දවසේ ඛේදවාචකයකි.
බුද්ධ ධර්මය සත්ව හිංසාවට කිසිදු ආකාරයකට අනුබල දෙන්නේ නැත. සම්බුදු බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම් ඇසුරෙන් නිදහසේ වෙසෙන වන අලි අල්ලා ඔවුන්ට වධ බන්ධන දෙමින් ගෘහස්ථකරණයට ලක් කිරීම සහ රැකබලා ගැනීම කිසිදු ආකාරයකට සාධාරණීකරණය කිරීමටද නොහැක. චුල්ලකම්ම විභංග සූත්‍රයේ විස්තර කෙරෙන සුභ නම් තරුණයෙකු බුදුරජාණන්වහන්සේ වෙත එළැඹී ඇසූ ප්රශ්නවලදී තිරිසන් සතුන්ට වධහිංසා දීමෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබදව බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් කාරණාවන්ගෙන් මෙය මොනවට පැහැදිලි වේ. සබ්බේ තසන්ති දණ්ඩස්ස ධම්ම පදය ගාථාවද සතුන්ට හිංසා නොකළ යුතු බවට පැහැදිලි කෙරෙන බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම්ය. සතුන්ට හිංසා පීඩා ගෙන දීම අඩු ආයුෂ ලැබීමට සහ ලෙඩ රෝග බහුල වීමට හේතුවකි.
අලියා යනු රටේ සංස්කෘතිය හා ආගම් සමග සමීපව බැඳුණු සතෙකි. ලංකාවේ වන අලි සංරක්ෂණයට මහජනතාවගේ අනුබලය ලැබෙන ප්‍රධානතම සාධකය නම් ආගමික සහ සංස්කෘතික වශයෙන් අලියාට ලබා දී ඇති ගරුත්වයයි. මේ අනුව ගෘහාශ්‍රිත අලි ලංකාවේ සිටිය යුතුය/නැතය යන අන්තයන්ගේ සිට මෙම ගැටලුවට අවතීර්ණ විය නොහැක. කෙසේ වෙතත් වන අලි ඇල්ලීමේ නීති විරෝධි ක්‍රියාවට එරෙහිව නැගීසිටීමද ගෘහාශ්‍රිතව සිටින අලින්ගේ සුභසාධනය වෙනුවෙන් හඬක් නැඟීමද අද දිනයේ සිදුවිය යුක්තකි. ඒ සමගම වන අලි විෂයේ පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවතක් සමාජයේ සිදු විය යුතුය.
පශු වෛද්‍ය බී විජිත පෙරේරා
සභාපති- ශ්‍රී ලංකා වනජීවී
පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
For 'rights' of captive jumbos to be removed
Arequest that tame elephants be removed from the Cruelty to Animal's Ordinance (CAO) has irked a number of Buddhist monks, environmentalists and lawyers.
The request had been made to Wildlife Resources Conservation Minister Vijith Wijayamuni Zoysa by Kolonnawe Sri Sumangala Thera.
The monk, while requesting that tamed elephants be removed from the CAO, wants harassment caused to owners of tame elephants and the raids by the Wildlife Conservation Department stopped.
However, the Thera's request has met with much opposition since a case of cruelty to a tame elephant was exposed recently. A baby elephant was found at its owner's house in Maharagama, with its toes and parts of its leg missing due to neglect and cruelty.
Wildlife officials say that the baby elephant, found in Maharagama, in March 2014, is believed to have been caught in the wilds, because the lump on its back shows that the animal had been shot at with a tranquilizer, to sedate it, before being taken into captivity.
Another baby elephant recently rescued, by wildlife officials, from a rich man's house, had a similar lump in the same area as that of the baby elephant from Maharagama.
Illegal capture
The illegal capture of elephants was made known to the Wildlife Ministry on 26 March. The captured elephants included seven adults and eight babies and they were forced to walk in the blazing sun. Monks from some temples located at Kolonnawa, Bandaragama, Panadura and Maharagama are believed to be the owners of those elephants.
Sumangala Thera told Minister Zoysa that temples had only 130 elephants. As a result, they were facing a shortage of elephants for use in peraheras (processions).
"More elephants are needed to protect the traditions of Buddhism, but the media highlights unnecessary issues of cruelty to tame elephants. Injuries to an elephant, when chains are used, are inevitable and that cannot be considered as cruelty," Sumangala Thera had said.
Dumb
Nevertheless, JHU leader Omalpe Sobitha Thera countered Sumangala Thera by saying that animals cannot talk or defend themselves. "Neither can elephants write and say what kinds of problems they are facing and how they are forced to participate in peraheras under cruel conditions." "The CAO was introduced to address issues faced by these animals and to protect them from harm and cruelty. I heard from media reports that some parties have requested that the CAO be not applicable to tamed elephants. However, I propose that the CAO should be further strengthened and the laws, concerning cruelty to animals, made stricter. We will not allow relaxation of the CAO laws, as requested, which is an insult to Buddhism," he had said.
Sobitha Thera said by making such a request, Sumangala Thera was causing an injustice to tame elephants as they are cruelly treated. "If tame elephants are removed from the CAO, then cattle owners will want laws relaxed so that they can pack lorries full of cattle and transport them in a cruel manner for slaughter," he said.
"Lord Buddha has said that all animals should be treated with loving kindness and Mahatma Gandhi has said, 'the greatness of a nation can be judged by the way its animals are treated.' These baby elephants are captured from the wild and separated from their mothers. Their mothers are killed and the babies are then subjected to immense cruelty to train them for perheras," SobithaThera claimed.
Tusker
He stressed that the tusker, which carries the sacred tooth relic on its back, does it with respect and willingly. But some of the elephants taken in the Kandy Esala Perahera and other peraheras have wounds with blood oozing out and are forced to walk on the street with chains on their legs.
"The mahouts get drunk and keep hitting the animals and shouting at them in filth while participating in the perahera. There is no harm in taking animals in peraheras, but the animals have to be treated well. Capturing baby elephants has become a big business now and this should be stopped immediately. The Buddha has said you can get work out of animals but he never said to treat them cruelly. Even in Jathaka stories it has been said to talk to animals kindly and treat them well," the thera said.
Environment Lawyer Jagath Gunewardene said any animal, whether wild, domesticated or captured and under the control of humans, comes under the Cruelty to Animal's Ordinance.
Principle
"The CAO is an Act introduced by the British. Anybody who treats an animal cruelly will treat others in society in the same way. This is the main reason for such laws to be introduced in Sri Lanka. Every living being should be treated with compassion and the healthy prevention of cruelty is the basic principle of Buddhism,' Gunewardene said.
He added that Sri Lanka has given the foremost place to Buddhism under Article 8 of the Constitution and as a Buddhist country Sri Lanka should have much better animal welfare provisions in this context.
"A new Animal Welfare Bill has also been drafted. What SumangalaThera is proposing is against Buddhism and civilized norms of behaviour of human beings. It is against the moral standards enjoyed by society and is unacceptable under any circumstances. As a practising Buddhist I feel insulted, hurt and dismayed that a member of the clergy. who should set the highest moral principles for the lay people should have made this kind of request," Gunewardene said.
He added that the Thera's proposal is a grave insult to Buddhism, to Buddhist practitioners and also to the Sinhala Society that nurtured and nourished Buddhism for thousands of years in Sri Lanka.
"I'm speaking not only as an environmentalist but as a citizen of this country when I say elephants are one of the most intelligent animals and it is morally reprehensible to even think of inflicting cruelty on them.
Zoologist Dilan Peiris said, as a practising Buddhist, nowhere in history has the Buddha said to take his relics on the back of an elephant. "Chaining these animals and hitting them is an insult to Buddhism. We are moving towards the 21st century and don't need to use elephants in peraheras. These animals are forcibly taken away from their mothers and forced to go in peraheras. If the mothers can't be separated from the babies they are killed," Peiris noted.
Practise
He stressed that Buddhist monks, who request elephants for peraheras, should be ashamed of themselves and they should practise Buddhism in the correct way and say these animals should be kept in the wild.
"The monk who requested that tame elephants be removed from the CAO can't be a genuine Buddhist monk. All these Buddhist monks who accompany these elephants in the hot, blazing sun obviously have no regard for these animals' welfare. Elephants shouldn't be made to walk in the blazing sun on tarred roads because their feet get burnt," Peiris said.
He added that in the wild, elephants walk for about 35 kilometres on gravel roads and when they are tired or feel the heat they stop and rest for a while.
"Taking a baby elephant forcibly from its mother is like separating my baby from myself or from my wife. These animals feel the same pain as humans do. 'Temple elephants' are never in the temples. They are used for hard labour and these monks earn money from these animals. I would like to ask these monks when was the last time they extended their support to stop elephants from being killed by poachers and being knocked down by trains? They are only interested in catching these animals illegally from the wild," Peiris said.
Pinnawala
He said that the Pinnawala Elephant Orphanage should have a programme where elephants can be trained to participate in peraheras and be brought back to the Orphanage once the perahera is over.
"Minister Zoysa should be praised for not giving into these selfish and greedy people. Zoysa, we are with you all the way and will support you on your decision to stop these elephant thieves from stealing elephants from the wild and not give into their demands," Peiris said.
Lucrative
Species Conservation Centre Chairman Pubudu Weeraratne said elephant owners had accused him of trying to stop elephants being taken in peraheras. "I only want to stop the illegal capture of baby elephants from the wild. Catching elephants from the wild has become a lucrative business and there are elephant owners who currently possess licences but not elephants," Weeraratne said.
He noted that all the captive baby elephants have no mothers. "Coincidentally, all the mothers are dead. After capture these babies are tied by all four legs and kept without food for up to two weeks. When the animal gets weak the elephant owners keep hitting the animal until it gets scared. The animals are sometimes burnt with heated iron rods which is extremely painful, as part of the training. These people are using Buddhism to cause cruelty to these animals. Elephants were taken in peraheras in ancient times, but animals were not cruelly captured from the wild and separated from their parents," Weeraratne said.
He said it was unfortunate that Buddhist priests and a well known person from Kandy are involved in this illegal elephant business and nowhere in Buddhism does it say to separate baby elephants from their mothers and treat them cruelly to participate in peraheras.
However, Sri Lanka Tame Elephant Owners' Association's (SLTEOA) S.H.U.N. Dammika said the media has accused them of ill-treating their elephants, but none of the elephants brought for a protest had wounds on their legs due to being chained.
He said that some of the captive elephants are not kept in the temples because the temple doesn't have enough space to keep the animal or cannot afford to maintain them.
"The relevant authorities should check if a temple can afford to maintain an elephant. Just because they know the priest or due to a friendship they shouldn't give elephants. But it is only about 10% of temples that cannot afford to have an elephant. Sometimes elephants are kept in areas that are close to the mahout's house," Dammika said.
Denying allegations that elephants are starved for up to two weeks to get them weak so that they can be tamed, Dammika said if an elephant gets weak due to starvation it cannot be get back to its 'normal' state and if an elephant dies they lose an animal. We feed our animals well before taking them for a perahera."
High-up
However, a high up and a layman of Sri Dalada Maligawa, who is also a top runger at the SLTEOA , was allegedly seen with a pole in his hand hitting two baby tuskers, who were taken forcibly from the Pinnawela Elephant Orphanage many years, ago to train them.
Zoysa said that The Ministry was bound to protect the Buddhist culture. He would not allow elephants to be cruelly treated.
"There are many elephants in temples that are being used for tourism promotion and other purposes. The temple elephant should remain in the temple and the temple needs to find other ways to raise funds. If you have done something wrong, my officers will arrest you. If you capture an elephant from the wild or transport it illegally without a licence, you will be caught and I cannot stop that," Zoysa said.
By Risidra Mendis
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment