ජනාධිපති කාර්යාලය තහනම් කර ඇති සමන් දිසානායක වෙනුවෙන් කලා කරුවන් පෙනී සිටින්නට සූදානම් නැතිබව නොබෝදා පිහිටුවාගත් නව කලා සංවිධානයේ සාමාජිකයන් පවසයි.
"අප කලා සංවිධානයක් පිහිටුවා ගත්තේ කලාවේ උන්නතිය වෙනුවෙන් කළ හැකි යමක් තිබේනම් ඒ සඳහා ක‍්‍රියාත්මකවීමට මිස කාන්තාවන්ට පහර දෙන, ඔවුන්ට තර්ජනය කරන ඔවුන් පැහැරගෙන ගොස් බලහත්කාරකම් කරන නරුමයන් වෙනුවෙන් පෙනී සිටින්නට නොවේ.
වසන්ති චතුරානි නම් රංගන ශිල්පිනියට අප ගරු කරන නමුත් ඇය පෙනී සිටින පරමාර්ථ අතිශය පෞද්ගලික ඒවානම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන් කිසිසේත්ම සූදානම් නැත."
රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ජී ආර් පෙරේරා, බන්දු සමරසිංහ, සරත් ද සිල්වා ආදී ජ්‍යෙෂ්ඨ කලාකරුවන් මෙහි සමාජිකත්වය දරන අතර ඔවුන් පවසන්නේ මෙම කලා සංගමය පිහිටුවාගත්තේ කලාවේ උන්නතිය සඳහා මිස කාන්තාවන් පැහැරගන ගොස් තර්ජනය කරන නරුමයන් වෙනුවෙන් නොවන බවයි.
"අප කලා සංවිධානයක් පිහිටුවා ගත්තේ කලාවේ උන්නතිය වෙනුවෙන් කළ හැකි යමක් තිබේනම් ඒ සඳහා ක‍්‍රියාත්මකවීමට මිස කාන්තාවන්ට පහර දෙන, ඔවුන්ට තර්ජනය කරන ඔවුන් පැහැරගෙන ගොස් බලහත්කාරකම් කරන නරුමයන් වෙනුවෙන් පෙනී සිටින්නට නොවේ.
වසන්ති චතුරානි නම් දක්ෂ රංගන ශිල්පිනියට අප ගරු කරන නමුත් ඇය පෙනී සිටින පරමාර්ථ අතිශය පෞද්ගලික ඒවානම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන් කිසිසේත්ම සූදානම් නැත."
සමන් දිසානායක ජනාධිපති කාර්යාලයෙන් එලවා දැමුවේ කුමක් නිසාදැයි කවුරුත් දනිති.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ ඔහුට ජනාධිපති කාර්යාලය සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති බවත්, යලි එතැනට එන්නට මග පාදාගන්නට කලා කරුවන් කිහිප දෙනෙකු එකතුකරගෙන කලා සංවිධානයක් ආරම්භකොට තමාට කලාකරුවන් අතර පිළිගැනීමක් ඇති බවට තහවුරු කිරීමට දරණ අසාර්ථක උත්සාහයක් බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment