BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, September 29, 2014

ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදයට එරෙහිව විරෝධතාවයක් ...

ජර්මනියේ ඉස්ලාමික නායකයන් විසින් දේවස්ථාන දෙදහසක් පමණ බැතිමතුන් ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදයට එරෙහිව විරෝධතාවයක් සඳහා කැඳවා ඇතැයි වාර්තා වේ.
සිකුරාදා ආගමික වතාවත් වලින් අනතුරුව ඔවුන් වීදි බැස විරෝධතා සඳහා එක්ව ඇති අතර බර්ලින්, ස්ටුට්ගාට්, හැනොවර් සහ මොලින් ඇතුළුව ජර්මනිය පුරා නගර ගණනාවක දැවැන්ත රැළි පවත්වා තිබේ.

ජර්මනියේ මධ්‍යම මුස්ලිම් කවුන්සිලයේ සභාපති අයිමාන් මැස්යෙක් පවසා ඇත්තේ ත‍්‍රස්තවාදීන් සහ මිනීමරුවන් වන ඉස්ලාමික රාජ්‍ය පිළිබඳව ජර්මානු මුස්ලිම්වරුන් මුනිවත රැකිම සිදුනොකළ යුත්තක් බවයි.
ඉස්ලාම් දහම සාමකාමී ආගමක් බවත් මොවුන් විසින් එය මඩට ඇද දමමින් ඇති බවත් ඔහු පවසා තිබේ.  ජර්මනිය සහ ලොව පුරා සිටින බහුතරයක් මුස්ලිම්වරුන් සිතන්නේ සහ ක‍්‍රියාකරන්නේ වෙනස් ආකාරයකට බව පෙන්වීම සඳහා මෙම විරෝධතා දිනය ඉවහල් වනු ඇති බව ඔහුගේ අදහසයි.
ටක්ෆිරි සටන්කාමීන් වෙත ලබාදෙන සියලූ ආකාරයේ සහයෝගයන් තහනම් කිරීමට ජර්මානු රජය විසින් පියවර ගනු ලැබූ අතර ඉරාකයේ සටන් වදින කුර්දි හමුදාවන්ට අවි සැපයීමටද තීරණය කර ඇත.
ජර්මනියේ යුදෙව් මධ්‍යම කවුන්සිලය විසින්ද මුස්ලිම් විරෝධතා අගය කර ඇති අතර ජර්මානු රාජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය තෝමස් ඩි මෙසියර් පවසා ඇත්තේ වෛරය සහ සාහසිකත්වය ඉස්ලාමයේ නාමයෙන් සාධාරණීකරනය කළ නොහැකි බව මුස්ලිම්වරුන් විසින් පෙන්වා දී ඇති බවයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger