දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් වාහනයක් ධාවනය කිරීමේ වරදට නියෝජ්‍ය ඇමැතිවරයෙකුට දඩ පත්‍රිකාවක් නිකුත් කළ සුමින්ද සමන් ගුණසේන නැමැති පොලිස් නිලධාරියා සහ තවත් නිලධාරියෙකුට අල්ලසක් ඇයද සිටීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (21) නඩු පවරනු ලැබිය.
කළුතර යතුරු පැදි ඒකකයට අනුයුක්ත නිලධාරීන් ලෙස කටයුතු කරමින් සිටියදී 2009 මැයි 25 දා කළුතර කිතුලාව ප්‍රාදේශයේදී මත්පැන් සමග අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් නීති විරෝධී මත්පැන් ප්‍රමාණය අඩුකර සටහන් කිරීමට අල්ලස් වශයෙන් පොලිස් කොස්තාපල් සුමින්ද සමන් සහ උප පොලිස් පරීක්ෂක කුමාර බණ්ඩාර යන නිලධාරීන් රුපියල් 10,000ක මුදලක් ලබා ගත් බව චෝදනාවේ සඳහන් වේ.
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මෙම පැමිණිල්ල ගොනුකර තිබූ අතර එම කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර නීති අධ්‍යක්ෂ තුෂාරි දයාරත්න නීතිඥවරිය පෙනී සිටියාය.
නීතිඥ අනුර මැදගෙදර මහතා අධිකරණයට පවසා සිටියේ මෙම නඩුව කිසිදු නීතිමය කරුණු මත විභාගය වන්නක් නොව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රථ ධාවනයේ යෙදුණු නියෝජ්‍ය ඇමැතිවරයාට දඩ කොළයක් නිකුත් කිරීමේ සිදුවීමේ දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නක් බවය.
විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක් ද නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මෙම නඩුව විභාගයට ගැනීම සැප්තැම්බර් පළමුවැනිදාට කල් තැබිය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment