අධ්‍යාපනඥයකු, විදේශ තානාපතිවරයකු මෙන්ම කීර්තිමත් පඬිවරයකු ද වූ මහාචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ පෙරේදා (6 වැනිදා)
අභාවප්‍රාප්ත විය. 1928 වසරේදී බද්දේගම අකුරටියේ උපත ලැබූ ඒ මහතා මියයන විට 86 වැනි වියෙහි පසුවිය. විශිෂ්ට කෘති 62 ක් පමණ ලියා ඇති ගුරුගේ මහතා මහාවංශය ද ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.
සර් ජෝන් කොතලාවල සහ ඩඩ්ලි සේනානායක යන මහත්වරුන් යටතේ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති ගුරුගේ මහතා බුද්ධ ශාසන හා සංස්‌කෘතික අමාත්‍යාංශවල ලේකම්වරයකු ලෙසත් ඊරියගොල්ල මහතාගේ සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙසත් කටයුතු කළේය. ඔහු අවසන් හුස්‌ම හෙළුවේ ගුවන්යානයක පියාසර කරමින් සිටි අතරතුරදීය.
එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස විදේශ සේවයට සම්බන්ධ වූ ගුරුගේ මහතා යුනෙස්‌කෝ තානාපති හා ප්‍රංශයේ සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. ඇමරිකාවේ වෙස්‌ට් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූ ආනන්ද ගුරුගේ එහි බෞද්ධ හා හින්දු අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපතිවරයා ද වූ ආනන්ද ගුරුගේ ගේ අවසන් කටයුතු ඇමරිකාවේදී සිදුකිරීමට නියමිතය.
දීප්ති ප්‍රමිතා අධිකාරි
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment