දිගින් දිගටම අක්‍රීය වෙමින් ඇති නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇත්තේ කන්ඩෙන්සර් ප්‍රශ්ණයක් බවත් කන්ඩෙන්සර් නළ 16,000න් සියයක් වසා දැමුවහොත් මේ මොහොතේද ගැටලූවකින් තොරව එම බලාගාරයෙන් විදුලිය නිපදවිය හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ කිසිම අවස්ථාවකදී විදුලි කප්පාදුවකට නොයන බවත්, විදුලි බිලේ වැඩිවීමක් නොවූවද විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාවක්ද නැති බවයි.
නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමට දැරූ වියදම් අභිබවා පසුගිය වසර දෙකහමාර ඇතුළතදී රුපියල් බිලියන 10ක ලාභයක් බලා තිබුණු බවද කී ඇය මෙසේද කීවාය.
‘මම කිසිම වෙලාවක විදුලි ගාස්තු අඩු කරන බව ප්‍රකාශ කරලා නෑ.එහෙම කරන්න බැහැ.මම එහෙම කියපු බව මගේ පළමු කතාව කියවපු අය කිව්වා. ඒකේ ටේප් එක තාම මගේ ළග තියෙනවා. එහෙම දෙයක් මම නොකිව්ව බව ඒක ඇහුවොත් බලාගන්න පුළුවන් ’
පසුගිය වසර 50 තුළදී මෙරට ඉදිකළ බලාගාර වලද දෝෂ හටගත් බවත්, මෙගාවොට් 3400ක් වන මුළු විදුලි ජනනයට මෙගාවොට් 300ක් පමණ එකතු කරන නොරොච්චෝලේ බලාගාරයේ ඇතිවන බිද වැටීම් සාමාන්‍ය බවත් ඇය පැවසුවාය.
අද වනවිට ජල විදුලිය ලෙස ජාතික විදුලිබල පද්ධතියට 25%ක් පමණක් එකතු වන බව කී වන්නිආරච්චි මහත්මිය වර්ෂාව නොමැතිවීම,තෙල් මිල ඉහළයාම, ඩොලරය වෙනස් වීම ආදිය පාලනය කළ නොහැකි දේවල් බවද පෙන්වා දුන්නාය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment