ලක්‍ෂ 30 ක බඩු ආමර් වීදියෙන් අත්අඩංගුවට
මිරිස් සහ කහ කුඩු නිෂ්පාදනය කිරීමට මෙම පරණ පාන් කුඩු යොදාගෙන තිබූ බව ද ඒවා ඩයි වර්ග මගින් වර්ණ ගන්වා වෙළෙඳපොළට එවීමට සූදානම් කර තිබූ බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.කොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ නිෂ්පාදනාගාරයක තිබූ පරිභෝජනයට නුසුදුසු මිරිස්, කහ සහ පාන් කුඩු තොගයක් ඊයේ (28 වැනිදා) පාරිභෝගික අධිකාරිය මගින් සොයාගෙන ඇත.
රුපියල් ලක්‍ෂ 30 කට අධික වටිනාකමකින් යුත් පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු කිලෝ 5000 ක්, කහ කුඩු කිලෝ 3000 ක් සහ පරණ පාන් කුඩු කිලෝ 2000 ක් මෙසේ පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත කොළඹ දිස්‌ත්‍රික් පාරිභෝගික අධිකාරියේ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක් එම වැටලීම සිදු කළහ.
පරිභෝජනයට නුසුදුසු භාණ්‌ඩ නිෂ්පාදනය කළ එම නිෂ්පාදනාගාරයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.
ලසිත දුමින්ද











.jpg)








Post a Comment