BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, February 28, 2014

කොටි නායකයන්ගේ මානව හිමිකම් ගැන පිල්ලේ ප්‍රශ්න කරයි...


ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් නැගෙනහිර කොටි හමුදා නායක රමේෂ් කොටි රූපවාහිනියේ නිවේදිකා ඉසිප්‍රියා සහ කොටි හමුදා නායකයන්ගේ මානව හිමිකම් පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ  ප්‍රකාශයට පත්කළ පිටු 18 ක වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කර ඇත.


ත්‍රස්‌ත ක්‍රියා රැසකට සම්බන්ධ කොටි හමුදා නායකයන් ගැන නවි පිල්ලේ මානව හිමිකම් වාර්තාවක සඳහන් කළ මුල් අවස්‌ථාව මෙයයි.

මෙකී වාර්තාවෙන් "සුදු කොඩි කතාව" හෙවත් යටත් වූ කොටි හමුදා නායකයන් රජය ඝාතනය කළ බවට සඳහන් වූ ප්‍රකාශය ගැන ද ඇය මතුකර ඇත.

නවි පිල්ලේ කොටි හමුදා නායකයන් සම්බන්ධව ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කිරීමට සාක්‍ෂි ලෙස දක්‌වා ඇත්තේ චැනල් 4 රූපවාහිනිය ඉදිරිපත් කළ කරුණු යෑයි හෙළි වී ඇත.

ඇගේ මෙම වාර්තාවේ කිසි තැනක කොටි විසින් 2007, 2008, 2009 වසරවල සිදුකළ මිනිස්‌ ඝාතන ගැන සඳහන් කර නැත.

එසේම ශ්‍රී ලංකා යුද හමුදාව මෙකී සිදුවීම් ගැන පවත්වන විමර්ශන කෙරෙහි විශ්වාසය නොතබන බව ද නවි පිල්ලේ ප්‍රකාශ කර තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger