BREAKING NEWS

රටතොට

Friday, January 17, 2014

උපේක්ෂා ලියපු බයිබලය

...මම තාම හොයනවා- රන්ජන් ,පසුගියද පාර්ලිමේන්තුවේදී උපේක්ෂා ස්වර්ණමාලි විසින් රන්ජන් රාමනායකට "මගේ ආගමේ හැටියට රන්ජන් රාමනායක කියන්නේ බැටලු හමක් පොරවගත්තු නරියෙක්" යනුවෙන් පැවසීම පිළිබඳව රන්ජන් අදහස් දක්වා තිබෙනවා.




ඔහු පවසන්නේ උපේක්ෂා බයිබලය කියවා නොමැති බවත්, බයිබලයේ එම ප්‍රකාශය සඳහන් වන්නේ එසේ නොවන බවත්ය.

එමෙන්ම රටවිරු රියල් ස්ටාර් සඳහා උපේක්ෂා ස්වර්ණමාලි හා මාලනී ෆොන්සේකා මුදල් ලබා නොගත් බව පැවසුවද ඔවුන් මුදල් ලබාගන තිබෙන බවත් රන්ජන් පවසනවා.

"උපේක්ෂාගේ ප්‍රකාශය හැන්සාඩ්ගත වෙලා තියෙන්නේ "මගේ ආගමේ හැටියට රන්ජන් රාමනායක කියන්නේ බැටලු හමක් පොරවගත්තු නරියෙක්" කියලා. ඒ ප්‍රකාශය තියෙන්නේ අපේ ශුද්ධවූ බයිබලයේ. ශුද්ධවූ බයිබලයේ තියෙන්නේ බැටලු හමක් පොරවාගත්තු වෘකයෙක් කියලා මිසක් නරියෙක් කියලා නෙවෙයි.

මේක පබා ලියපු අලුත්ම බයිබලයේ තියන කතාවක්. මම කියන්නේ එහෙම බැලුවම පබා බයිබලය වත් කියවලා නෑ.

13 වැනි සංශෝධනය, 17 වැනි සංශෝධනය, 18 වැනි සංශෝධනය, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, ඒවා ගැන ලොකු ප්‍රශ්න ඕනේ නෑ. අඩුම තරමේ තමන්ගේ ආගමේ බයිබලය වත් කියවලා ඉන්න එපායැ.


ඉතින් දැන් මේ පබා ලියලා තියෙන්නේ අලුත් බයිබලයක්. මං මේ ටිකේ හැම තැනම පබා ලිව්ව අලුත් බයිබලය හොයනවා.



අනිත් එක පබාවයි, අම්මවයි මට ඉස්සරලාම මුනගැහුනේ කුවේට්වලදී. එයාගේ අම්මත් මං දන්න තරමින් රට විරුවෙක්. ඒ නිසා ඇය මීට වඩා සංවේදී වුනා නම් හොඳයි මැද පෙරදිග ප්‍රශ්න වලදී.

හැන්සාඩ් වාර්තාවල බලන්න. මං එතැනදී ඇහුවේ රටවිරු රියල් ස්ටාර් එකේ ලොකු වංචාවක් වෙලා තියනවා. ඒ ගැන අපිට තොරතුරු දෙන්නේ විදෙස් සේවා කාර්යාංශයේ අයමයි. මේකප් ආර්ටිස්ලට පවා රු. 45,000ක් ගෙවලා තියනවා.

හැන්සාඩ් එකේ තියෙන්නේ උපේක්ෂා ස්වර්ණමාලි හා මාලනී ෆොන්සේකා මේ වැඩසටහනට කිසිම ගෙවීමකින් තොරව සම්බන්ධ වුණා කියලා. ඒක බොරුවක්. මං දන්නවා ගෙවපු ගණන්. තින් මේකට තමයි කේන්ති ගිහින් ඇය මට නරියා කියලා කිව්වේ."

උපේක්ෂා විසින් රන්ජන්ට නරියා යැයි කියූ විඩියෝව පහතින්.



Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger