උතුරු පළාත් සභාව සතු බල තල ශක්තිමත් කිරීමට සහ රටේ ඒකීය භාවය අත් හැරීමට නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ යයි උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් පවසයි.
දෙමළ මාධ්‍ය වාර්තා කරන්නේ වඩමාරච්චි නැගෙනහිර ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී මහ ඇමතිවරයා මේ අහදහස් පල කල බවයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති සියළු බලතල පළාත් සභාවට අවශ්‍ය බවත්, එකම දේශයක් එකම ජනතාවක් යන අදහස ප‍්‍රතික්‍ෂෙප කිරීමට කාලය පැමිණ ඇති බවත් ඔහු එහිදී සඳහන් කර තිබේ.
මධ්‍යම රජයට මෙන්ම පළාත් සභාවටද උපරිම බලතල අවශ්‍ය බවත් එය ලබා ගැනීමට බලපෑම් කරන බවත් මහ ඇමතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)



Post a Comment