BREAKING NEWS

රටතොට

Saturday, January 25, 2014

ටිකට් එක හම්බවුණ ගමන් ජොකිය දුවන්න ගන්න හැටි බලන්නකො....

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්  ඡන්ද වරම ලැබී ඇති  ජින්ජර්  ඇය දන්නා  භාෂාවෙන්  කළ  (  උපේක්‍ෂා  දුන්  සාකච්ඡාවන් මෙන්ම )   සාකච්ඡාවක්  ඡන්ද වරම ලැබීමට පෙරදිනදී කළ....
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයේ තරගවදින්නට අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගීවූ ගායිකා ජින්ජර් හෙවත් ජුඩිත් වයිට් මෙවර තරග කරන්නට බලාපොරොත්තු වන්නේ කොළොන්නාවෙනි.

 
ඇය දේශපාලනයට සම්බන්ධවීම ගැන සිදු කළ විමසීමේදී කියා සිටියේ ටිකට් එක හම්බ වුණ ගමන් ජොකියා දුවන්න
ලෑස්ති බවයි.
අප ඇසූ ප‍්‍රශ්න කිහිපයකට ඇය දැක්වූ අදහස් පහත පරිදිය.
ඊයෙ ඉන්ටර්විවි එකට කීයටද ගියේ
හවස 4 ට විතර
නැකතක් එහෙම බැලූවද?
ආ……… එහෙම නැහැ . (සිනාසෙයි)
ඔයාට නොමිනේෂන් වලින් තේරෙයිද?
ඔවි ඔවි…..නැතුව නැතුව
හොදටම ෂූවර්ද
ෂුවර් ෂුවර් හොදටම ෂුවර්…..
කොහොමද හරියටම කියන්නේ
හ්ම්………. මෙහෙමයි. අද පරීක්ෂණ මන්ඩලයට හිටපු අනුර ඇමති තුමා. රංජිත් සියඹලාපිටිය ඇමති තුමා. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමතිතුමාලව මම හොදට අ`දුරනවා. මම ඒගොල්ලන්ගේ කැම්පේන් වල සින්දු කියලා හොද සපෝටි එකක් දුන්නා. ඒ හින්දා මටත් සාධාරණයක් කරයි. කොහොමත් මම දේශපාලනයට එන එකට ගොඩක් අයගේ හො`ද ප‍්‍රතිචාර තියනවා. කවදත් මම කෙලින් වැඩ කරපු කෙනෙක් ඒක හින්දා හැමෝම මට උදව් කරයි.
කොහෙන්ද ඔයා ඡුන්දෙ ඉල්ලන්නේ?
මං ම්..කොළඹට…… කොලොන්නාවෙන්
රුවන්තියි හිරුනිකායි ඉල්ලන්නෙත් එහෙන් නේද එතකොට කොලොන්නාව තරු පුරයක් වෙයි වගේ ?
අනිවා…..මල්ලී … කොහොමත් කොලොන්නාව තරු පුරයක් තමයි.
කව්ද ඔයාට දේශපාලනයට එන්න ආරාධනා කළේ
දුමින්ද සිල්වා මන්තී‍්‍ර තුමානේ.
එතකොට සල්ලි දාන්නේත් ඒ මන්තී‍්‍රතුමාද?
නෑ……….එහෙමම නෑ. මාත් එක්ක හැමදාම ඉන්න යාලූවො ගොඩක් ඉන්නවනේ ඒ අය උදවි කරනවා කිවිවා.
දිනන්න චාන්ස් එකක් තියෙයිද?
ෂුවර් ෂුවර් ටිකට් එක හම්බවුණ ගමන් ජොකිය දුවන්න ගන්න හැටි බලන්නකො...

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger