BREAKING NEWS

රටතොට

Tuesday, January 28, 2014

හුළුගල්ලගේ තත්වය සුව අතට

26 වනදා රාත්‍රියේ ඖශධයක් අධික මාත්‍රාවෙන් ගත් ලක්ෂ්මන් හුළුගල්ලගේ තත්වය මේවනවිට සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වේ. ඔහු මේවනවිට මහනුවර ජාතික රෝහලේ 28 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවේ. 


ගියවර ලංකා හොස්පිට්ල් හි ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් එය මාධ්‍යයෙන් වසන් කරගත හැකි වුවත් මෙවර රෝහලේ ආරංචිමාර්ග සෘජුව මාධ්‍යය වෙත සත්‍යය ප්‍රකාශ කිරීම හේතුවෙන් සියළු මාධ්‍යය එම පුවත වාර්තාකොට ඇත. 

ගියවර නිදි පෙති බීමෙන් අනතුරුව ජනපතිවරයා ලක්ෂ්මන් හුළුගල්ල වෙත අමතා එහි සත්‍යය අසත්‍යය තාවය පිලිබඳ විමසු අවස්ථාවේ පවා ලක්ෂමන් හුළුගල්ල විසින් එය බොරුවක් බව පවසා තිබුණි. 

කෙසේනමුත් 26 වනදා ලක්ෂ්මන් හුළුගල්ල නුවර පැමිණ තිබුනේ තනිව සිය මෝටර් රථයෙනි. නුවර වැව පාරේ හෝටලයක ඔහු නවාතැන් ගෙන ඇත්තේද තනිවමය. රාත්‍රී ආහාර වේල සමගින් සෝඩා බෝතලයක්ද හුළුගල්ල විසින් ඇනවුම් කොට තිබේ. 

1:30 ට පමණ හෝටලයට ලැබුණු දුරකථන ඇමතුමකින් කියවී ඇත්තේ හෝටලයේ නතරවී සිටින හුළුගල්ල අසාධ්‍යය තත්වයේ පසුවන බවයි. ඒ අනුව හෝටල් සේවකයන් විසින් ඔහුගේ කාමරයේ දොර විවෘත කර බලන විටත් ලක්ෂමන් හුළුගල්ල අසිහියෙන් පසුවී ඇත. ඔහුගේ ඇඳ අසල කුඩා බෝතලයක් බිම වැටි තිබෙනුද දක්නට ලැබී ඇත. 
විසිරුවා හරින ලද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල නැවතත් නිදි පෙති බී තිබේ.
මෙවර ඔහු ඇතුලත් කර තිබෙන්නේ මහනුවර මහ රෝහලටයි. පසුගිය දෙසැම්බර් 22වනදාද ඔහු නිදි පෙති බිව් අවස්ථාවේ රෝහල් ගත කළේ ලංකා හොස්පිටල් වෙතයි.
මීට පෙර නිදි පෙති බිව් අවස්ථාවේ ඒ බව මාධ්‍යයෙන් සැඟවීම සඳහා ඔහුගේ බිරිඳ බව හඟවා කාන්තාවක් විසින් ඔහු නිදි පෙති නොබිව් බවට මාධ්‍ය ආයතන වෙත දන්වා තිබුණි.

නමුත් හුළුගල්ල ගේ නීත්‍යනුකුල බිරිඳ වන දිල්රුක්ෂි හුළුගල්ල මහත්මිය මාධ්‍යය වෙත අවධාරණය කර තිබුණේ තමාගේ කිසිදු මාධ්‍යයක් ඒ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් නොගත් බවයි.

එවර ඔහුගේ ලඟ සිට තිබුණේ ඔහුගේ අනියම් බිරියක් වන සුධර්මා ය.


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger