BREAKING NEWS

රටතොට

Tuesday, January 28, 2014

කෝට්ටේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී දනුක විශ්වජිත්  විසින් ඔහුගේ බිරිඳට බරපතළ ලිංගික අපයෝජනයක් කලේ යයි ලද පැමිණිල්ලක් මත මන්ත‍්‍රීවරයා වැලිකඩ පොලීසිය විසින් පසුගිය වසරේ අත්අඩංගුවට ගත් පුවතක් අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී. 
 

එම පැමිණිල්ල මත ඔහුව අත්අඩංගුවට ගත්තද පසුව ඔහු නිදහස් කෙරුනේ අපයෝජනයට ලක්වූ ඔහුගේ බිරිඳ වන නෙරංජලා විසින් එම පැමිණිල්ල පොලිසියෙන් ඉවත්කොට සාමදාන වීම හේතුවෙනි.
විශ්වජිත් ගේ වයස අවරුදු 33 කි.
විශ්වජිත් ගේ වයස අවරුදු 33 කි.
විශ්වජිත් ගේ වයස අවරුදු 33 කි.

ඉන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ එම යුවල කියා සිටියේ ඔවුන් දෙදෙනා වෙනදාටත් වඩා සතුටින් ජීවත් වන බවත් මාධ්‍යය විසින් ඔවුන්ගේ ප්‍රශ්න ඇති කරන බවත් යනුවෙනි. 


ඔවුන් එදා එසේ කීවද ඊයේ (27) දිනයේ නුගේගොඩ සමෘද්ධි බැංකු ශාඛාවට පැමිණි නාගරික මන්ත්‍රී සිය බිරිඳට බැංකුවේ වැඩ කරන අතරතුරදීම පහරදී ඇත. එක් වරම කනට පහරක් ගසා බැංකුවේ ලෙජර් පොත් වලින්ද ඔහු බැංකුවේ සිටි සෙනග මැද්දේදීම පහරදී ඇත. 

එම පහරදීම හේතුවෙන් බැංකුවේ දේපල වලටද හානි සිදුවී ඇත. පසුව එම පහරදීම ඉවසාගත නොහැකිවූ පුද්ගලයෙකු විසින් එම නාගරික මන්ත්‍රීවරයාට හෙල්මට් එකකින් පහරදී තිබේ. 

කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයාට හා බිරිඳට වයස අවුරුදු 13ක් සහ 10 වන දියණියන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 4ක එක් පිරිමි ළමයෙකු වේ. සාමදාන වීමෙන් අනතුරුවත් සැමියාගේ වද හිංසා ඉවසාගත නොහැකිවූ බිරිඳ විසින් වෙන්ව ජීවත් වී ඇත. 

මෙසේ එම සිද්ධියෙන් බොහෝ දෙනා ඉදිරිපිට සිදුවූ ලජ්ජාවෙන් හා කනකට සිදුවූ තුවාල මධ්‍යයේ නාගරික මන්ත්‍රීවරයාගේ බිරිඳ රටටම නිරුවත් කිරීමට හිරු ටීවී නාලිකාව කටයුතු යොදා තිබුණි.

ඒ ඇය ප්‍රතිකාර ලබාගන්නා රෝහලට ගොස් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන රහසිගතව පටිගත කරන ලද වීඩියෝවක් පුවත් විකාශය තුල ගුවනට මුදාහැරිම තුලිනි. එම වීඩියෝව පහතින්.

  සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මර්වින් වික්‍රමසිංහගේ අධීක්‌ෂණය යටතේ වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger