BREAKING NEWS

රටතොට

Sunday, January 19, 2014

හාමුදුරුවන් ඉදිරියේ බාල් නැට්ටවූ අමනයා ....



බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, කොළඹ දිස්ති‍්‍රක් ශී‍්‍රලනිප සංවිධායක රේණුක දුෂ්‍යන්ත පෙරේරාගේ වසර 36 ක දේශපාලන දිවිය සහ වසර 15 ක අඛණ්ඩ පළාත් සභා නියෝජනය පිළිබඳව රචනා වු කොළඹ දේශපාලනයේ පරමාදර්ශය "දිගු ඉනිමක්" පොත එලි දැක්වීම පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දි සිදුවිය."අද දේශපාලනයේ යෙදී සිටින්නේ  අමනයන්‍ ය ...උන්ට රටේ සංස්කෘතිය හෝ ආගම දහම හැදියාව ගැන මෙළෝ දැනුමක්  හෝ නැති බවට තවත් එක් උදාහරණයකීය මෙය....  මෙවන්  කාලීන  හාල්පාරුවන් හට  ඡන්දය  නොදීමට අපේ අය සිතා ගන්නේ නම් එය අපේ රටටම කරන්නාවූ  මහානිශංස පරිත්‍යාගයකී...." ලංකානිව්ස්

මෙම උත්සවය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුවේ මැතිඇමතිවරු සහ සංඝයා වහන්සේලා විශාල පිරිසක් සහභාගිව තිබුණි.

උත්සවයේ සංවිධාන කටයුතු සියල්ල වෙනත් පිරිසක් මගින් සිදුකොට ඇතිඅතර එයට ගැයුම් වැයුම් රැඟුම් ද ඇතුලත් වී ඇත.

මේ ආකාරයට එම උත්සවය විචිත්‍රවත් අන්දමින් ගලාගෙන යද්දී ආරාධිත අමුත්තන්ගේ කතා අතරතුර තරුණ තරුණියන් යුවලක් ලෙස සෑදී සිදු කල බාල් නැටුමක් ද ඉදිරිපත්කොට ඇත. එම නර්තනයේ යෙදුනු තරුණියන් දෙපා නිරාවරණය වන ඉතා කෙටි සායකින් පමණක් සැරසී සිට ඇත.

සංඝයා වහන්සේලා ඉදිරියේදී මෙවන් නැටුමක් ඉදිරිපත් කිරීම පිලිබඳ රැස්ව සිටි පිරිස ගැටළුවක් වී ඇත. මේ අතර එසේ කෙටි සායක් ඇඳ සිටි තරුණියෙකු නර්තනයේ දීමේදී එම කෙටි රෙදි කඩද ගැලවී විසිවී ගොස් ඇත.

ඒ අවස්ථාවේ උත්සවයේ සිටි බොහෝ දෙනෙකුගේ ඇස් එදෙසට යොමුවී ඇති අතර බැසිල් රාජපක්ෂ එය දැක ඔලුවේ අතගසාගෙන ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger