- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, January 19, 2014
මංගලගේ කෙළවීම සහ මහින්දගේ අමන්දානන්දය ....
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට පසුගියදා සොරෙකු පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධව මේ දිනවල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර මෙයට පෙර ලිපියකින් අප හෙළිකොට සිටියේ එම සැකකරු විසින් ඔහුත් මංගල සමරවීර අතරත් අසම්මත ලිංගික ඇසුරක් තිබු බවට ඔහු ලබාදුන් දිව්රුම් ප්‍රකාශයක් පිලිබඳවය.
මෙම ලිපියෙන් අප හෙලිකරනුයේ එම චෝදනාවට මංගල සමරවීර දැක්වූ ප්‍රතිචාරය හා සැකකරුගේ පාපොච්චාරණයට ජනපතිවරයා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධවය.
මංගලගේ පාපොච්චාරණය
ඔහුගේ බිරිඳ කියනවා ඔබ හා ඔහු අතර අසම්මත ඇසුරක් තිබුනා කියලා ?
මගේ පෞද්ගලික ජීවිතය පෞද්ගලිකයි. ඒ වගේම මගේ පෞද්ගලික ජීවිතය රහසක් නෙවෙයි. මට අවරුදු 16 ඉඳන් මගේ දෙමව්පියන් , නෑදයන් කවුරුත් දන්නවා..මම බොරුවෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි.
මගේ ජීවිතය මටත් සියලුදෙනාටත් අවංකව වැරද්දක් නොවන ආකාරයට මම ජීවත් වෙනවා. ඒ නිසා මගේ පෞද්ගලික ජීවිතය ගැන කතාකරන්න කාටවත් අයිතියක් නැහැ.
ඔය කියන සැකකරුවා සමගනම් විශේෂයෙන් මම පැහැදිලිවම කියනවා ඔය කියන ජාතියේ සම්බන්ධයක් ඔය පුද්ගලයා සමගනම් මගේ තිබුනේ නැහැ.
ඔබ කියනවා මෙතන කුමන්ත්‍රණයක් දියත් වෙනවා කියලා..මොකද්ද ඒ කුමන්ත්‍රණය?
දැන් බලන්න හොරකම සිද්ධ කල පුද්ගලයා වෙනුවෙන් පෙනී ඉන්නේ කවුද? දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී ඉන්න ඒ වගේම මාතර බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ මාමණ්ඩිය වන නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය කියන ඉතාලියේ හිටපු තානාපතිවරයායි.
එහෙම කෙනෙක් බෝතල් හය හතක හා ලැප්ටොප් එකක් හොරකම් කල අයෙක් වෙනුවෙන් ජනාධිපති නීතඥයෙකු මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ නීතීඥයන් හය දෙනෙක්ම පෙනී ඉන්නවා.එකෙන් මේ කුමන්ත්‍රණය මොකද්ද කියලා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.
ජනපතිගේ ප්‍රතිචාරය
පසුගිය සතියේ ජනපතිවරයා කැබිනට් රැස්වීමට පැමිණ තිබුනේ මංගල සම්බන්ධයෙන් ශිරාන් ප්‍රියංකර නම් තරුණයා විසින් ලබාදුන් දිව්රුම් ප්‍රකාශයේ සම්පුර්ණ පිටපතක් ද රැගෙනය.
"මම මේ කොළ දෙකම අරගෙන ආවේ කැබිනට් මණ්ඩලේදී කියවන්න. මොකද මේ කොලේ ලියවිලා තියෙන දේ හරිනම් මුළු කැබිනට් මණ්ඩලේම දැනගන්න ඕන. හැබැයි මට එක එතනදී කියවන්න බැරි උනා..එකයි මම මම ඒක මෙතැනදී කියවන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේකේ තියෙන්නේ මොකද්ද කියලා..
මේකේ තියෙන්නේ අර මංගල ගේ ගෙට පැන්න කියපු පිරිමි ළමයා දීපු කට උත්තරේ..ඒ දවස්වල සමහර පත්තර වලින් මේක මහලොකුවට දැම්මේ හරියට ආණ්ඩුවෙන් මංගල ගේ ගෙදරට පැනල බඩු හොරකම් කරපු විදියට..හැබයි අන්තිමට මේ කට උත්තරෙන් ඔක්කොම එලියට ඇවිල්ල තියෙන්නේ.. "
යැයි කියමින් සම්පුර්ණ කට උත්තරය සහිත කොලය ජනපතිවරයා විසින් සියලු කැබිනට් ඇමතිවරුන්ට ඇසෙන ලෙස කියවන ලෙස පවසා චන්ද්‍රසිරි ගජධීර අමාතයවරයා වෙත ලබාදී ඇත.
කිසිවක් නොදැන ජනපතිවරයා දුන් කොලයේ ඇතුලත් ප්‍රකාශය ගජධීර අමාත්‍යවරයා විසින් කියවීමට පටන්ගත්තත් ප්‍රකාශයේ මැද හරිය කියවීමේදී අමත්‍යවරයා ලැජ්ජාවටත් අපහසුතාවටත් පත්ව ඇත.
"ඇයි ඇයි ඔබතුමා හිරවෙලා ඉන්නේ ..ඔය ටිකත් කියන්න" යයි ජනපතිවරයා කිව්වත් අමාත්‍යවරයාට ඉන් එහාට කීමට නොහැකිවී ඇත. ඉන් අනතුරුව එම ලිපිය ඔහුගෙන් ගත ජනපතිවරයා , ජනපති විසින්ම එම ලිපියේ ඉතිරිය අනිත් කැබිනට් අමාත්‍යවරුන්ට ඇසෙන සේ කියවා ඇත.
" මම මංගල සමරවීර මහතා මාසෙකට දින හතරක් පහක් විතර හම්බ වෙනවා..සමහර දිනවල බෙලෙක් කඩේ හන්දියෙන් මංගල සමරවීර මහතාගේ වැන් එකට නගිනවා..මම මංගල සමරවීර මහතාත් එක්ක අඹු සැමි යුවලක් විදියට ජීවත් වෙනවා..
මට හෙරොයින් බොන්න මුදල් අවශ්‍ය උනාම මම දුරකථන ඇමතුමක් අරගෙන එන්නද කියල අහනවා..දිනකට මට රුපියල් 1000 ක් දෙනවා. සමහර වෙලාවට 4000 ක් දෙනවා. අප දෙදෙනාගේ අසුර නිවසේ පදිංචි කීර්ති, සමීර, රමේෂ් සහ තිලක් යන අයත් දන්නවා..මම අඹුසැමි යුවලක් ලෙස කෙලින්ම කිව්වොත් අප දෙදෙනා අතර ඇත්තේ සම ලිංගික ඇසුරක්. මගේ **** මංගල මහතා *****. මට එයාගේ ****** පාවිච්චි කරන්න දෙනවා.."
යැයි කියා ජනපතිවරයා නවත්තද්දීම ඇමතිවරු පමණක් නොව ජනපතිවරයාද බඩවල් අල්ලාගෙන එක දිගට සිනාසී ඇත. ඉතා අමාරුවෙන් සිනාව නවතාගත් ජනපතිවරයා
"පේනවා නේද මටයි මගේ පවුලටයි , මගේ ළමයින්ටයි ලෝකේ වටේ ගිහින් මඩ ගහන මිනිහගේ චරිතේ කොහමද කියලා. මේවා කියන්නේ අපි නෙවෙයි. එයත් එක්ක හිටපු අයම තමයි කියන්නේ..මෙන්න මේවට තමයි කියන්නේ අපිට මඩ ගහද්දි දෙයියෝ බලනවා කියලා.."
(මංගලගේ පාපොච්චාරණය : ප්‍රසන්න සංජීව තෙන්නකෝන් (ඉරිදා ලංකාදීප) | ජනපතිගේ ප්‍රතිචාරය : කපිල පුන්චිමන්නගේ (ඉරිදා මව්බිම) )
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment