Tuesday, December 3, 2013
මන්ත්‍රී සහ මිතුරෝ රිමාන්ඩ්
රිය අනතුරකින් පසු ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් පුද්ගලයන් තිදෙනකුට පහරදුන් බව කියන වයඹ පළාත් සභා සන්ධාන මන්ත්‍රීවරයකු සහ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 05 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
ගොකරැල්ල පොලිස් වසමට අයත් කඳුලව ප්‍රදේශයේදී පසුගිය නොවැම්බර් මස 22 වැනිදා මෙම පහරදීම සිදුකර තිබේ. ඊයේ (02 වැනිදා) වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබිණි.
අත්අඩංගුවට ගත් රක්‍ෂිත බන්ධනාගාරගත කළ වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික සහ ඔහුගේ මිතුරන් සිවුදෙනකු විසින් කඳුලව ප්‍රදේශයේ පදිංචි සමන් බණ්‌ඩාර යන අයට සහ තවත් දෙදෙනකුට පහර දුන් බවට ගොකරැල්ල පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.
ගොකරැල්ල පොලිස් ස්‌ථානාධිපති එන්. වනිගසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment