BREAKING NEWS

රටතොට

Tuesday, December 3, 2013

තරු පහේ හෝටලයක සේවිකාවක දූෂණය කළ තිදෙනකු සැකපිට



කොළඹ තරු පහේ හෝටලයක සේවිකාවක දූෂණය කළ බවට එහි සේවකයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.



මෙම හෝටලයේ සේවක පිරිස පසුගිය දිනක පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයකට විනෝද සංචාරයක් සඳහා ගිය අවස්ථාවේ මෙම සැකකාර සේවකයන් විසින් සේවිකාව දූෂණය කළ බව ඇය විසින් කොටුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය පානදුර පොලිස් බල ප්‍රදේශයේදී සිදුව ඇති හෙයින් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා සැකකරුවන් පානදුර පොලිසියට භාර දීමට කටයුතු යොදා ඇති බව එම නිලධාරියා තවදුරටත් පැවැසීය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger