BREAKING NEWS

රටතොට

Tuesday, December 3, 2013

දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති සමන් ද සිල්වාට පහර දෙති


(30 දා) බන්ධනාගාර ක්‍රීඩාපිටියේ පැවැති සංගීත සංදර්ශනයකදී දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ මහතා ඇතුළු කිහිප දෙනකු විසින්  ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට පහරදීම සම්බන්ධයෙන් ඊයේ (01 වැනිදා) බොරැල්ල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.




 

 බන්ධනාගාර බුද්ධි හා ආරක්‌ෂණ ඒකකය මගින් පෙරේදා බන්ධනාගාර ක්‍රීඩාපිටියේ පැවැත්වූ පාපන්දු තරගාවලියකින් පසු සංගීත සංදර්ශනය රාත්‍රි 10.00 ට පමණ ආරම්භ කර තිබේ. මෙහිදී සමන් ඇන්ඩ් ද ක්‌ලෑන් සංගීත කණ්‌ඩායමේ සංගීතයට සමන් ද සිල්වා මහතා ගීත කිහිපයක්‌ ගායනා කර ඇත.

මෙම අවස්‌ථාවට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා සහ බන්ධනාගාර කොමසාරිස්‌වරයා සහභාගි නොවීම පිළිබඳව සමන් ද සිල්වා මහතා වචන කිහිපයක්‌ ප්‍රකාශ කර තිබේ.

එම වචන කන වැටීමත් සමඟ පළාත් ඇමැතිවරයාත් ගජධීර ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් සහ තවත් අයෙකුත් වේදිකාවට නැග සමන් ද සිල්වා මහතාට පහරදීමට පටන්ගෙන ඇත. ඔහු බේරා ගැනීමට මැගසින් බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි ප්‍රියංකර මහතාද වේදිකාවට නැග උත්සාහ කළ අවස්‌ථාවේ පළාත් කෘෂිකර්ම ඇමැතිවරයා විසින් ප්‍රියංකර මහතාටද වේදිකාවෙන් බිමට වැටෙන්න පහරදී ඇත.

මේ අවස්‌ථාවේ දකුණු පළාත් කෘෂිකර්ම ඇමැතිවරයා ඇතුළු කිහිප දෙනකු බීමතින් සිටි බව සංගීත සංදර්ශනය නරඹමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දැක තම උසස්‌ නිලධාරියාට පහරදුන් ඇමැතිවරයා සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කර තිබේ.

බන්ධනාගාර පොලිස්‌ ඒකකයේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක්‌ දරා පළාත් ඇමැතිවරයා සහ ඔහු සමඟ පහරදීමට සම්බන්ධ වූ අනෙක්‌ දෙදෙනාද දැඩි රැකවල් මධ්‍යයේ බන්ධනාගාර පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙහිදී ඇතැම් නිලධාරීන් තම උසස්‌ නිලධාරියාට පහරදුන් ඇමැතිවරයා විවේචනය කරමින් ඔහු පැමිණි වාහනයටද පහරදීමට උත්සාහ කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවැසීය.

සිද්ධියෙන් පසු සමන් ද සිල්වා මහතා විසින් පෙරේදා රාත්‍රියේ මේ පිළිබඳව බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ උපදෙස්‌ මත නිලධාරීන් කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger