BREAKING NEWS

රටතොට

Thursday, December 19, 2013

මැලේසියානු රහස්‌ පොලිසිය කොටි හිතවාදීන් ගැන නිරීක්‍ෂණයේ


මැලේසියාවත් දෙකඩ කිරීමට කොටි සූදානමක්‌!
කොටි නායකයා අත්අඩංගුවට
මැලේසියාව දෙකඩ කර ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට සැලසුම් කළ රාජ්‍ය නොවන සංවිධානයක නායකයා අත්අඩංගුවට ගත් මැලේසියානු රහස්‌ පොලිසිය තවත් කොටි හිතවාදීන් 6 දෙනකුට පොලිසියට බාරවන ලෙස නියෝග කර ඇත.




ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම මුවාවෙන් කේඩා ප්‍රාන්තයේ ජනතාවට එක්‌වන ලෙස මේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියා ඇරයුම් කර තිබූ බව හෙළි වී තිබේ.

මැලේසියාවේ ජනතාවට ත්‍රස්‌තවාදය කෙරේ විශ්වාසයක්‌ ඇති කිරීමට මොවුන් උත්සාහ කර තිබෙනවා. ප්‍රභාකරන් ත්‍රස්‌තවාදියාව මැලේසියාවේ සමරන්න උත්සාහ කළේ කුමකටද යෑයි මැලේසියානු පොලිස්‌පති මලන් ශ්‍රී කාලිද් අබුබකර් ප්‍රකාශ කර ඇත.

කොටි ත්‍රස්‌තවාදය නඟා සිටුවීමට කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට අපි ඉඩ දෙන්නේ නැහැ යෑයි හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

මේ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පැවසුවේ මැලේසියානු රහස්‌ පොලිසිය කොටි හිතවාදීන් ගැන නිරීක්‍ෂණයේ සිටි බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරියෙක්‌ වේ.

ශ්‍රී ලංකා බුද්ධි අංශ කොටි ආයුධ ජාලයේ ප්‍රධානියා වූ කේ. පී. නමැත්තාව ද අත්අඩංගුවට ගනු ලැබුවේ මැලේසියාවේදී ය.

මේ පිළිබඳව සැක කරන කොටි හිතවාදීන් හයදෙනා කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ බව ද හෙළි වී ඇත.

මැලේසියාව තුළ ඊළාම් රාජ්‍යය ආරම්භ කිරීම පිනෑන්ස්‌ ප්‍රාන්තයේ සිට දියත් කිරීමට මොවුන් සැලසුම් කර තිබූ බව හෙළිවිණි.

කොටි ත්‍රස්‌තවාදය නගාසිටුවීමට අපි ඉඩ දෙන්නේ නැහැ යෑයි මැලේසියානු පොලිස්‌පතිවරයා කියා සිටියේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger