Tuesday, December 17, 2013
මන්ත්‍රී ධුරයෙන් මධුමාධව ඉල්ලා අස්‌වෙයි
මධුමාධව (17දා) කොළඹ මහ නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌විය.
නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් කොළඹ මහ නගර සභාවේ 2014 අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැගී සිටි මන්ත්‍රී මධුමාධව අරවින්ද විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය නගරාධිපතිවරයා වෙත භාරදුන්නේය.
ඉදිරි වසර දෙක සඳහා තවදුරටත් නාගරික මන්ත්‍රීවරයකු ලෙස සභාවේ රැඳී සිටීමට මන්ත්‍රීවරයාට අවස්‌ථාව තිබිණි. එහෙත් සිය ඉල්ලා අස්‌වීමෙන් පසු විපක්‍ෂනායක කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ඉදිරි පළාත් සභාවට ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින බවය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment