BREAKING NEWS

රටතොට

Tuesday, December 17, 2013

කැස්බෑ හොරා ලන්සුවෙන් හෙළිවේ ....


කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ඉරිදා සොරාගත් බව කියන ඇලි කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා (18) කොස්ගොඩ පොලිසියට පැමිණීමට නියමිත බව පොලිස් ආරංචි කියයි.
මිතුරකුගේ අපල දුරු කිරීමේ කටයුත්තකට
සුදු කැස්‌බෑවා ලක්‍ෂ 60 - 70 කට ඉල්ලුවා

- ගායක අමල් පෙරේරා

අමල් පෙරේරා මෙම දුර්ලභ කැස්බෑවා කලකට පෙර රුපියල් කෝටි තුන හමාරකට ඉල්ලූ බව හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේව් පොලිසියට කියා තිබිණි.
කැස්බෑවා ගැන මෙතෙක් තොරතුරක් නැත.

මිතුරකුගේ අපල දුරු කිරීමේ කටයුත්තකට
සුදු කැස්‌බෑවා ලක්‍ෂ 60 - 70 කට ඉල්ලුවා

- ගායක අමල් පෙරේරා




තම මිතුරකුගේ අපල දුරුකර ගැනීම සඳහා වන කටයුත්තකට යොදාගැනීමට කොස්‌ගොඩ පර්යේෂණ මධ්‍යස්‌ථානයේ සිටියදී අතුරුදන් වූ සුදු කැස්‌බෑවා රුපියල් ලක්‍ෂ 60 කට හෝ 70 කට ලබාදෙන ලෙස ඉල්ලූ බව ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා "දිවයින" ට පැවසීය.

සුදු කැස්‌බෑවා අතුරුදන් වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් අමල් පෙරේරා මහතා තවදුරටත් මෙසේ ද කීය.

ඔය කැස්‌බෑවා මුදලට ඉල්ලූ පලියට හොරකමට සම්බන්ධ යෑයි කියලා කවුරු හෝ මට චෝදනාවක්‌ නැගුවේ නම් ඒක විශාල අසාධාරණයක්‌. මිල ගණන් ඇසූ පලියට හොරකමක්‌ කළා කියලා කාටවත් අහන්නත් බැහැ.

මීට මාස කීපයකට උඩදී මගේ මිත්‍රයා මට කිව්වා එයාට අපල තියෙනවා. පුළුවන් නම් කැස්‌බෑවෙක්‌ සොයලා දෙන්න කියලා. ඒ අනුව මෙම කැස්‌බෑවා රුපියල් ලක්‍ෂ 60-70 කට ගැනීමට අපි ඇසුවා.

අයිතිකාරයා කියන තරමට ඔය කැස්‌බෑව එච්චර වටින්නේ නැහැ. මොනවා වුණත් මේ කැස්‌බෑවා මිලට ගැනීමේ අදහස එදා අත්ඇරියා.

ඔය කැස්‌බෑවා සොරකම් කිරීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍යවලින් මා දැනගත්තා. එක්‌තරා තරුණ ගායකයෙක්‌ කැස්‌බෑවා මිලට ගැනීමට උත්සාහ ගත්තා කියලා.

ඒත් මගේ නම කිසිම තැනක ලියවිලා නැහැ. කියවිලත් නැහැ. එම නිසා කරුණාකර මගේ නම පළ කරන්න එපා... එය මට කරන සේවයක්‌ ද සහයෝගයක්‌...

කැස්‌බෑවාගේ ප්‍රශ්නයට අහිංසක කලාකරුවකුට ඇඟිල්ල දික්‌ කරන්න කාටවත් බැහැ. පොලිසිය මේ ගැන ඇහුවත් මම කියන්නෙ ඔය ටිකයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger