- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, December 17, 2013
සැකකරු සතුව බැංකු ගිණුම් 20 ක්...
රේගු දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පොලිස් වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරියා තවත් අමාත්‍යාංශ කීපයක මහාපරිමාණ මූල්‍ය වංචා රැසකට සම්බන්ධ බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
රේගුවේ මුදල් වංචාවට ඇල්ලූ සැකකරු
රාජ්‍ය ආයතන රැසක මුදල් ගිල්ල බහිරවයෙක්
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්‌ථාව වනවිට මොහු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුයුක්‌තව සේවය කරමින් සිටියේය. මොහු මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ය.
මෙම සැකකරු රේගු දෙපාර්තමේන්තුවේ රාජකාරි කරද්දී සිදුකළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව පිළිබඳව තොරතුරු හෙළිවී ඇත්තේ පොලිස් වංචා විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ආනන්ද අල්විස්‌ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ පරීක්‍ෂණයකදීය.
මෙම සැකකරු තවත් අමාත්‍යාංශ සහ රජයේ ආයතන කීපයක සේවය කර ඇති අතර එහිදී මොහු සිදුකළ බවට සැකකරන වංචා පිළිබඳව පරීක්‍ෂණ පොලිස් වංචා විමර්ශන අංශය විසින් සිදුකරගෙන යයි.
රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුයුක්‌තව සේවය කළ සැකකාර වැටුප් සකස් කිරීමේ නිලධාරියා සිදුකළ රුපියල් 23,000 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 12 වැනිදාය.
රඳවා තබා ගැනීමේ නියෝග මත සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු වසර පහකට ආසන්න කාලයක් රේගු දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලසීමාවේ සිදුකර ඇති රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාව පිළිබඳ තොරතුරු අනාවරණය විය.
මොහු රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරද්දී රුපියල් ලක්‍ෂ 106 කට මොන්ටෙරෝ ජීප් රථයක්‌ද මිලදී ගෙන තිබිණි. ඊට අමතරව රුපියල් ලක්‍ෂ 43 කට ඉඩමක් සහ තවත් දේපළ රැසක් මිලදී ගෙන තිබූ බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
මේ අතර සැකකරු සතුව බැංකු ගිණුම් 20 ක් තිබී ඇති බව පොලිසිය පවසයි.
වංචා විමර්ශන අංශය මගින් මොහු අත්අඩංගුවට ගැනීමට දින කීපයකට උඩදී සැකකරු තමන් සතුව තිබූ මොන්ටෙරෝ ජීප් රථය රුපියල් ලක්‍ෂ 95 කට අලෙවි කර එම මුදල ඥතියකුගේ බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවද පරීක්‍ෂණවලදී අනාවරණය විය.
සැකකරුට අයත් බැංකු ගිණුම් 20ට අදාළ තොරතුරු පිළිබඳව පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් වංචා විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ආනන්ද අල්විස්‌ගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක වනිගසූරිය, (11064) කුමාර ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment