BREAKING NEWS

රටතොට

Tuesday, December 17, 2013

ජාතික ගීතයක්‌ උතුරට අවශ්‍ය නෑ


ජාතික ගීය දෙමළෙන් ගයන්න බැරිනම් එය උතුරට අවශ්‍ය නෑ - ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු මැතිසබේදී කියති


ජාතික ගීය දෙමළෙන් ගයන්න බැරිනම් එය උතුරට අවශ්‍ය නෑ - දෙමළ ජාතික මන්ත්‍රිවරුශ්‍රී ලංකාව හින්දු රටක් බැවින් හින්දු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සඳහා ඉඩ ලබා නොදෙන්නේ නම් උතුරට ශ්‍රී ලංකාවේ ජාතික ගීය අවශ්‍ය නැති බවත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු දෙදෙනෙක්  (17දා) පාර්ලිමේන්තුවේදී පැවැසූහ.
මඩකළපුව දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස්. යෝගේස්වරන් මහතා ශ්‍රී ලංකාව හින්දු රටක් බව පැවැසුවේය.


යාපනය දිස්ත්‍රික් මන්ත්‍රි පී. අරියනේත්‍රන් මහතා උතුරු නැඟෙනහිර පළාත්වල ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ නොදෙන්නේ නම් එම පළාත්වලට ජාතික ගීයක් අවශ්‍ය නොවන බව කීවේය.


ශ්‍රී ලංකාව හින්දු රටක්... රාවණා රට පාලනය කළා. ඔහු හින්දු රජෙක්. ඒ නිසා හින්දු ජනයාගේ අයිතිවාසිකම් රැකිය යුතුයි. මහාවංසය තහවුරු කරනවා මේක හින්දු රටක් කියලා. රාවණ ශිව භක්තිකයෙක්. විජයත් ද්‍රවිඩ රජෙක්. දේවානම් පියතිස්ස රජුත් පසු කාලයේ හින්දු ආගම වැලැඳ ගත්තා. දරුවන්ටත් හින්දු නම් තැබුවා. පණ්ඩුකාභය ශිව වන්දනාව කළා. එස් යෝගේස්වරන් මහතා පැවැසුවේය.

යෝගේස්වරන් මහතාගේ කතාවට විරෝධය දක්වමින් පිළිතුරු දුන්නේ මහජන සබඳතා හා මහජන කටයුතු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාය.


'මහා රාවණ යනු සිංහල රණවිරුවෙක්.' සිංහල රජවරු ඉන්දියාවෙන් කුමාරියන් ගෙන්වා ගෙන කසාද බැන්දා. එසේ ගෙන්වා ගත් කාන්තාවන්ට වඳින්න පුදන්න හින්දු කෝවිල් හැදුවාට මේක හින්දු රටක් නොවේ. කසාද බැන්ද පමණින් එහෙම වෙනවාද? මහා විෂ්ණු උපන්නේ දෙවුන්දර. ශ්‍රී විෂ්ණු දෙවියො... කතරගම දෙවියෝ උපන්නේ ශාක්‍ය වංසයේ. බුදුහාමුදුරුවෝ කිරිවෙහෙරට වැඩම කළ අවස්ථාවේ යුව රජ වරයෙක්ව හිටියා. ඒ පිනෙන් දෙවියෙක්ව උපන්නා.' ඇමැතිවරයා පැවැසුවේය. ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ නොදෙන්නේ නම් උතුරට ජාතික ගීයක්‌ අවශ්‍ය නොවන බව ද, ශ්‍රී ලංකාව හින්දු රටක්‌ බැවින් හින්දු ජනයාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කළ යුතු යෑයි ද ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු  (17 දා) පාර්ලිමේන්තුවේදී පැවැසූහ.

ශ්‍රී ලංකාව හින්දු රටක්‌. රාවණා රට පාලනය කළා. ඔහු හින්දු රජෙක්‌. එනිසා හින්දුන්ගේ අයිතිවාසිකම් රැකිය යුතුයි. මහා වංශය තහවුරු කරනවා මේක හින්දු රටක්‌ කියලා. රාවණා ශිව භක්‌තිකයෙක්‌. විජයත් දමිළ රජෙක්‌. දේවානම්පියතිස්‌ස රජුත් පසු කාලයේ හින්දු ආගම වැළඳ ගත්තා. දරුවන්ටත් හින්දු නම් තැබුවා. පණ්‌ඩුකාභය ශිව වන්දනා කළා යෑයි මඩකලපුව දිස්‌ත්‍රික්‌ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස්‌. යෝගේෂ්වරන් මහතා කීවේය.

ඉන් පෙර කතා කළ පී. අරියනේත්‍රන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ උතුර - නැගෙනහිර පළාත්වල ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ නොදෙන්නේ නම් එම පළාත්වලට ජාතික ගීයක්‌ අවශ්‍ය නොවන බවය.

මීට පිළිතුරු දුන් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා "මහා රාවණා යනු ශ්‍රී ලංකාවේ සිටි සිංහල මහා විරුවෙක්‌. සිංහල රජවරු ඉන්දියාවෙන් කාන්තාවන් ගෙන්වා කසාද බැන්දා. ඒ කාන්තාවන්ට වඳින්න පුදන්න කෝවිල් හැදුවාට මේක හින්දු රටක්‌ නොවේ. කතරගම දෙවියෝ උපන්නේ ශාක්‍ය වංශයේ. වැරදි අර්ථකථන දෙන්න එපා යෑයි ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger