BREAKING NEWS

රටතොට

Tuesday, December 3, 2013

ප්‍රභාකරන්ගේ දේපළ පුළුවන්නම් පවරා ගන්න ... සිවාජිලිංගම් අභියෝග කරයි


එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ පවුලේ අයට අයත් ඉඩකඩම් ඇතුළු කිසිම දේපළක් රජයට පවරා ගැනීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කරන දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි කේ. සිවාජිලිංගම්  පුළුවන් නම් එම දේපළ පවරා ගන්නැයි අභියෝග කරයි.

එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි නිවෙස රාජසන්තක කිරීමට යෑම පිළිබඳ සිවාජිලිංගම් මහතාගෙන් අප කළ විමසීමේදී හෙතෙම මේ අභියෝගය කෙළේය.

ඒ නිවෙස රජයට පවරා ගන්නට අප ඉඩ දෙන්නේ නැහැ. පුළුවන් නම් පවරා ගෙන පෙන්වන්න කියන්නැයි ඔහු කීය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger