Tuesday, December 3, 2013
කඹුරුපිටියේ ජනතාව රතිඤ්ඤා පත්තු කර කිරිබත් පාරට විසි කරති
කඹුරුපිටිය පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු කැටයම් චින්තක නමැත්තා පොලිස් වෙඩි පහරකින් මියයෑමේ පුවත පැතිර යත්ම කඹුරුපිටිය උල්ලල ප්‍රදේශවාසීහු ඊයේ රතිඤ්ඤා පත්තු කරමින් කිරිබත් උයා පාරට දමමින් සතුට පළ කළහ.
ඔවුන් පිසූ කිරිබත් කවරවල දමා ගස් උඩ එල්ලමින් ගමින් ගමට යවමින් තම සතුට පළකළ බව පොලිසිය පැවැසීය.
ඝාතකයාගේ මළ සිරුර බාර ගැනීමට ඊයේ සවස් වනතුරුත් කිසිවකු ඉදිරිපත් වී නැත. මාතර රෝහලේ තැන්පත් කර ඇති. මළ සිරුර කඹුරුපිටිය ප්‍රදේශයට ගෙනයා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පොලිසිය කියයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment