Wednesday, December 18, 2013
ටීඑන්ඒ මන්ත්‍රී පිරිසක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමේ තැතක
ලන්ඩන් නුවර පැවති ද්‍රවිඩ සමුළුවක උපදෙස් මත ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමේ සූක්‍ෂ්ම වැඩපිළිවෙළක් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් විසින් දියත් කර ඇත.
එය සනාථ වී ඇත්තේ මෙම සමුළුවට මෙහෙය වූ කොටි හිතවාදියකු වූ ස්‌වීඩනයේ අප්සලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීටර් ශෝල්ක් ශ්‍රී ලංකාව හින්දු රටක් බව ප්‍රකාශ කිරීමෙනි.
පීටර් ශෝල්ක්‌ගේ ප්‍රකාශය මඩකලපුව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී යෝගේන්ද්‍රරාජන් පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
මෙරට ඉතිහාසය වෙනස් කිරීම හා මහාවංසය සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ 2002 දී ප්‍රභාකරන්ගේ උපදෙස් මත මහාචාර්ය පීටර් ශෝල්ක් භාරගෙන තිබූ බවද හෙළිවී ඇත.
පීටර් ශෝල්ක්‌ගේ ව්‍යාපෘතිය අනුව ශ්‍රී ලංකාවේ සිංහලයන් ඔරිස්‌සා ප්‍රාන්තයේ මුල් පදිංචිකරුවන් යෑයිද දක්‌වා ඇත. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාව හින්දු රාජ්‍යයක් යෑයි පවසා ඇත්තේ පීටර් ශෝල්ක් ගේ ව්‍යාපෘතිය මත යෑයිද හෙළිවී තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment