BREAKING NEWS

රටතොට

Tuesday, December 3, 2013

'කැටයම් චින්තකගේ' අවසන් ජවනිකාව


පොලිස්‌ නිලධාරියා හා බිරිය මරා පුංචි පුතා පොළොවේ ගැසූ...
හතර දෙනාම සූරයෝ පොලිස්‌ වෙඩි කා මළෝය


 
'කැටයම් චින්තකගේ' අවසන් ජවනිකාව... ඊයේ අලුයම 12.15 ට කඹුරුපිටිය නයිගලදී....




කඹුරුපිටිය මාස්‌මුල්ල ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරියකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 'කැටයම් චින්තක' නමැත්තා කඹුරුපිටිය නයිගලකන්ද ප්‍රදේශයේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (03 වැනිදා) අලුයම 12.15 ට පමණ මියගොස්‌ ඇත.


'කැටයම් චින්තක' නමැති අපරාධකරු පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින් මියගිය පුවත සැළවීමත් සමඟම කඹුරුපිටිය ප්‍රදේශයේ ජනතාව රතිඤ්Æ පත්තු කරමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට නයිගල කැලෑව වටලා සිටියදී ඔහු දකුණු පළාතේ ප්‍රබල දේශපාලනඥයකුගේ නම කියමින් කෑගසා පොලිස්‌ නිලධාරීන්ට තර්ජනය කර ඇත.

එහෙත් එම තර්ජන ගණනකට නොගෙන පොලිස්‌ විශේෂ බළකායේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ කැටයම් චින්තක අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරද්දී ඔහු පොලිස්‌ නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කර ඇත. සැකකරු මියගොස්‌ ඇත්තේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඒ අවස්‌ථාවේ සිදුකරන ලද වෙඩි තැබීමකිනි.

මෙම ද්විත්ව ඝාතනය සිදුවූයේ ඉකුත් 16 වැනිදා රාත්‍රියේදීය. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක්‌ මීට ඉහතදී පොලිස්‌ වෙඩි පහරින් සහ දියේ ගිලීමෙන් මියගොස්‌ තිබිණි.

'කැටයම් චින්තක' නමැති ප්‍රධාන සැකකරු සති දෙකකට වැඩි කාලයක්‌ තිස්‌සේ පොලිසිය මඟහරිමින් සැඟවී සිටියේය.

පොලිස්‌ කොස්‌තාපල් සුනිල් සහ ඔහුගේ බිරිඳ අප්සරා සමන්මලී ඝාතනය කර ඔවුන්ගේ දෙහැවිරිදි පුත්‍රයා පොළොවේ ගසා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කඹුරුපිටිය නයිගලකන්ද ප්‍රදේශයේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් නයිගලකන්ද ප්‍රදේශය වටලා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබේ. එහිදී සැකකාර කැටයම් චින්තක නමැත්තා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කර ඇත.

ඒ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සැකකාර කැටයම් චින්තක නමැත්තාට වෙඩි තැබූ අතර එහිදී සැකකරු මියගියේය.

කැටයම් චින්තක එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙක්‌ සුළු තුවාල ලැබූහ.

කැටයම් චින්තක නමැත්තා වැටී සිටි ස්‌ථානයේ තිබී පතරොම් තුවක්‌කුවක්‌ සහ ජීව උණ්‌ඩ කීපයක්‌ ද පොලිසිය සොයාගෙන ඇත. සැකකරු නයිගලකන්ද මුදුනේ පිහිටි ගල්ලෙනක දින කීපයක්‌ තිස්‌සේ සැඟවී සිට ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්‌ වූ පොලිස්‌ කොස්‌තාපල් සුනිල්ගේ නිවස පිටුපසින් වැටී ඇති මාර්ගයේ කිලෝමීටර් තුනක්‌ දුර ගමන් කරද්දී මෙම නයිගලකන්ද හමුවන අතර සැකකරු එහිදී ඝාතනයට ලක්‌වීම විශේෂත්වයකි.

කැටයම් චින්තක ඝාතනයට ලක්‌වූ පුවත සැළවීමත් සමඟම මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා සහ මාතර කොට්‌ඨාස අපරාධ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ එහි ගොස්‌ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.

කැටයම් චින්තකගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක්‌ එල්ල වී තිබූ අතර ඔහු සිද්ධිය වූ ස්‌ථානයේදීම මියගොස්‌ තිබිණි.

මාතර කොට්‌ඨාස දූෂණ මර්දන ඒකකයේ කොස්‌තාපල් සුනිල් මහතා සමඟ පැවති ආරවුලක්‌ මත කැටයම් චින්තක ඇතුළු සැකකරුවන් සිව්දෙනකු එම පොලිස්‌ නිලධාරියා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කරන ලදී.

සිය මවුපියන් අහිමිවීම නිසා සුනිල් මහතාගේ ආදරණීය දරුවන් දෙදෙනා මේ වන විට අසරණ වී සිටිති.

කැටයම් චින්තක නමැති අපරාධකරු කඹුරුපිටිය ප්‍රදේශයේ අපරාධ ගණනාවකට සම්බන්ධ අයෙකි. නීති විරෝධී ගස්‌ කැපීම, මත්ද්‍රව්‍ය ජාවාරම, කොල්ලකෑම, කප්පම් ගැනීම ඇතුළු අපරාධ ගණනාවක්‌ සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මීට වසර තුනකට පමණ උඩදී විශ්‍රාමලත් පොලිස්‌ සැරයන්වරයකු ද වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ද කැටයම් චින්තකට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

විශ්‍රාමලත් පොලිස්‌ සැරයන්වරයාගේ දියණිය සමඟ පැවති ප්‍රේම සම්බන්ධයකට විරුද්ධ වීම නිසා කැටයම් චින්තක විසින් ඔහු මෙසේ ඝාතනය කර තිබිණි.

සිය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදෙන බව කියමින් කැටයම් චින්තක කොස්‌තාපල් සුනිල් සමඟ නිතර ආරවුල් ඇතිකර ගත්තේය. සුනිල් ඝාතනය කිරීමට හේතු වී ඇත්තේ ද මෙම සිද්ධිය බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්‌පති මැකාති පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

ඡායා සමන් උපුල් පිනිදිය

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger