BREAKING NEWS

රටතොට

Wednesday, December 11, 2013

ඊළාම් පාර්ලිමේන්තුව රැස්වේ… රුද්‍රකුමරන් අගමැති ලෙස යළි පත්වේ

පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක්හිදී රැස් වූ රටින් එපිට දෙමළ ඊළාම් රජයේ පාර්ලිමේන්තුව විසින්  රටින් එපිට දෙමළ ඊළාම් රජයේ අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් විශ්වනාදන් රුද්‍රකුමරන් යළි තෝරා පත්කරගත් බව නිවේදනය කර තිබේ.

එහිදී රටින් එපිට රාජ්‍යයේ පාර්ලිමේන්තු කථානායකයා ලෙස මහාචාර්ය තවේන්ද්‍ර අම්බලවානර් නමැත්තෙක් ද නියෝජ්‍ය නථානායකවරයා ලෙස බි‍්‍රතාන්‍යයේ පදිංචි තිල්ලෙයි නඩරාජා නමැත්තෙක් ද තේරී පත් වී සිටිති. නව කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ඊළාම් පාර්ලිමේන්තුව රටින් එපිට දෙමළ ඊළාම් රජයේ අගමැතිවරයා ලෙස විශ්වනාදන් රුද්‍රකුමරන්ව ඒකමතිකව තෝරාපත් කරගෙන ඇති බවද සදහන් වේ.
දෙමළ ඊළාම් පාර්ලිමේන්තු සැසිවාරයේ සමාරම්භක වැඩසටහනේදී පොන් බාල්රාජන් විසින් මහවිරුවන් සදහා වන පහනක් දල්වා ඇති අතර ඉන් අනතුරුව දෙමළ ඊළාම් රජයේ නියෝජිතයන් සහ ප‍්‍රධාන අමුත්තන් මහවිරුවන්ට පුෂ්පෝහාර දක්වා ඇති බවද වාර්තාවේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger