BREAKING NEWS

රටතොට

Tuesday, December 17, 2013

කොටින්ගේ පැටිකිරිය ජිනීවා හමුවේ

කොටි සංවිධානය සිදුකළ යුද අපරාධ, අරමුදල් එකතු කළ හා අවි ආයුධ ලබාගත් රටවල් මෙන්ම රටවල් රැසක සිටින කොටි ක්‍රියාකාරීන් පිළිබඳ සැබෑ තොරතුරු ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ අනාවරණය කිරීමට රජය තීරණය කර ඇත.


මේ සියලු ක්‍රියාකාරකම් දැක්‌වෙන වීඩියෝපට අටක්‌ ආරක්‍ෂක බලධාරීන් විසින් සකස්‌ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (17 දා) පැවසීය.

මෙම වීඩියෝ ප්‍රභාකරන් සමඟ රහස්‌ සාකච්ඡා පැවැත්වූ තමිල්නාඩු දේශපාලනඥයන් හා ඔවුන් හොර රහසේ වන්නියට පැමිණීමට අදාළ දර්ශන ද ඉදිරිපත් කෙරේ.

වන්නියේ තිබී සොයාගත් අඩි අසූවක මෙන්ම ඒවා අයත් රටවල් සහ අනුක්‍රමික අංක ද ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන බව එම ආරංචි මාර්ග පැවසීය.

මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ තිබී රුපියල් මිලියන 1400 ක්‌ වටිනා කොටින් සතු අවි සොයාගෙන තිබිණි.

මේ අතර යුද අපරාධවලට සම්බන්ධ ප්‍රධානතම කොටි 20 ක්‌ ඇමරිකාව, කැනඩාව, නෝර්වේ, බ්‍රිතාන්‍යය, ස්‌විට්‌සර්ලන්තය, ස්‌වීඩනය හා ප්‍රංශය යන රටවල්වල සිටින අතර ඔවුන් ගැන ද රජය හෙළිකරනු ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger