BREAKING NEWS

රටතොට

Sunday, November 10, 2013

කුඩු තොගය සහිත කන්ටේනරය සඳහා ගෙවිය යුතු ගුදම් ගාස්‌තු හා ප්‍රමාද ගාස්‌තු වෙනුවෙන් සහනයක්‌ දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශීර්ෂය සහිත ලිපියක්‌

පසුගිය අගෝස්‌තු 30 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය සහිත කන්ටේනරය සඳහා ගෙවිය යුතු ගුදම් ගාස්‌තු හා ප්‍රමාද ගාස්‌තු වෙනුවෙන් සහනයක්‌ දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශීර්ෂය සහිත (ලෙටර්හෙඩ්) ලිපියක්‌ මගින් අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉල්ලීමක්‌ කර තිබේ.


මෙම කන්ටේනරය මෙරටට ආනයනය කළ පුද්ගලයාගේ පළමු ආනයන භාණ්‌ඩ සහිත කන්ටේනරය මෙය බවත්, ඔහු ඉතා දුප්පත් පුද්ගලයකු බැවින් මේ කන්ටේනරය සඳහා දිය හැකි උපරිම සහන ලබාදෙන ලෙසත් අදාළ සම්බන්ධීකරණ නිලධාරියා එම ලිපිය මගින් වරාය අධිකාරියෙන් ඉල්ලා ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය ජුලි මස 03 වැනිදා රේගුව මගින් මෙම කන්ටේනරය ගැන සැක සිතී ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා මෙම කන්ටේනරය වරායෙන් නිදහස්‌ කිරීම නතර කර තිබූ බැවින් එම කාලය සඳහා අය කරන අධික ගුදම් ගාස්‌තු හා ප්‍රමාද ගාස්‌තු වෙනුවෙන් සහනයක්‌ ලබාදෙන ලෙස අදාළ සම්බන්ධීකරණ නිලධාරියා එම ලිපිය මගින් වරාය අධිකාරියෙන් ඉල්ලා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

නාන කාමර උපකරණ, ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය හා ගී්‍රස්‌ ටින් මෙම කන්ටේනරයේ ඇති බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර තිබූ අතර, පසුගිය අගෝස්‌තු මස 30 වැනිදා රේගුව මගින් මෙම කන්ටේනරය විවෘත කිරීමෙන් පසු එම භාණ්‌ඩවලට අමතරව ගී්‍රස්‌ ටින් වල අසුරා තිබූ රුපියල් කෝටි 261 ක්‌ වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ 261 ක්‌ රේගු අත්අඩංගුවට පත්විය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger