BREAKING NEWS

රටතොට

Thursday, September 19, 2013

"අපේ කාලයේ පොලිස්‌ නිලධාරියකුගේ වික්‍රම"


ලංකාව අමුතුම රටකී...බන්දුල  යනු සැබවින්ම කෘත හස්ත ගවේෂණාත්මක මාධ්‍ය වේදියෙකි,කලින් කලට හොරු බිහි වුහ .එකෙකු නමින්ම හොරෙකි .නිකන් නොව කම්බ .හොරෙකි අතේ පැළවෙන බේගල් ගොතා පොත් පළකොට ප්‍රසිද්ධ වූ  ,හොරෙකි ,එමෙන්ම බය ගුල්ලෙකි .නිවටයෙකි , මෙම තැනැත්තා සිනමා පටයක්ද කළේය .ඒ අහිංසක නිෂ්පාදකයෙකු රවටාය. එම සිනමාපටයෙන් සමාජයට දුන් දෙයක් නැත .ඔහු  දුන් පණිවිඩය නම්  දඩබිම් නම් සොඳුරු යන්න ය .එවන් වූ හොරුන් ගේ   නිරුවත දකින කල්හි  ,බන්ධුල අභිතයෙකි .ලංකානිව්ස්  ඔබට සුභ පතමු .
ජනක  පෙරේරා
නියෝජ්‍ය කතෘ  ලංකා නිව්ස්


බන්දුල දිනපූර්ණ ලියූ "අපේ කාලයේ
පොලිස්‌ නිලධාරියකුගේ වික්‍රම" කෘතිය එළිදකී
 'දිවයින' දිනපතා පුවත්පතට හා 'දිවයින ඉරිදා සංග්‍රහය'ට 1987 දී පමණ සම්බන්ධ වී පුවත්පත් කලා ජීවිතය ඇරඹූ බන්දුල දිනපූර්ණ මෙරට පොලිස්‌ හා ආරක්‍ෂක තොරතුරු වාර්තාකරණයේ අත්දැකීම් බහුල ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහු ලියූ නවතම කෘතිය අපේ කාලයේ පොලිස්‌ නිලධාරියකුගේ වික්‍රම (The Eagle - Eye) නමින් එළිදක්‌වා තිබේ.

අද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු ලෙස සේවය කරන අත්දැකීම් බහුල දක්‍ෂ පොලිස්‌ නිලධාරියකු ලෙස ප්‍රසාදයට පාත්‍රව සිටින ගාමිණී සිල්වා මහතා තම දීර්ඝ රාජකාරි කාලය තුළ කරන ලද සුවිශේෂ මෙහෙයුම්, රටේ ප්‍රකට වූ විවිධ අපරාධ හෙළිsදරව් කර ගැනීම් සහ වෙනත් සිදුවීම් සම්බන්ධ සත්‍ය අත්දැකීම් ද පසුබිම් කරගනිමින් දුර්ලභ ඡායාරූප ඇතුළත් කර මෙම කෘතිය ලියා තිබේ.

මෙම කෘතිය මෙරට පොලිස්‌ සේවයේ අභිමානවත් රාජකාරි ක්‍රියාදාම මෙන්ම සමාජ සංසිද්ධීන්ට බලපෑ සමාජයීය පසුබිම් ද මැනවින් විග්‍රහ කරන්නකි. පොලිස්‌ සහ ආරක්‍ෂක තොරතුරු වාර්තා කරණයේ යෙදෙන මාධ්‍ය ක්‍ෂේත්‍රයේ අයට මෙන්ම සමාජය පිළිබඳ පර්යේෂණවල යෙදෙන අයටත් ප්‍රයෝජනවත් ලෙස "අපේ කාලයේ පොලිස්‌ නිලධාරියකුගේ වික්‍රම" නමැති කෘතිය ලියෑවී තිබේ.

එකල ඔහු "දිවයින" හා "දිවයින ඉරිදා සංග්‍රහය" ට ලියූ ලිපි ද මෙම කෘතියට සංගෘහිත වීම විශේෂ සිද්ධියකි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger