Thursday, September 19, 2013
ඇමරිකාවේ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කරයි
එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශන කණ්‌ඩායමක් ශ්‍රී ලංකාවට එවීම සඳහා ඇමරිකාව කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.
ජිනීවා නුවර දැන් පැවැත්වෙන 24 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් ඇමරිකානු තානාපතිනිය විසින් එකී ඉල්ලීම යොමුකර ඒ සඳහා දින නියම කරන ලෙසත් එකී විමර්ශකයන්ට ඒ ඒ ක්‍ෂේත්‍ර වෙත විසීම සඳහා අවකාශ සලසන ලෙසත් පවසා තිබේ. ඇමෙරිකාවේ මේ ඉල්ලීමට ජර්මන් තානාපති හෑන්ස් ෂූමාකර් සහය දක්‌වා ඇත.
කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌හි මුස්‌ලිම් පල්ලියේ සිද්ධිය හා වැලිවේරිය රතුපස්‌වල වෙඩිතැබීම ගැන ඇමරිකානු තානාපතිනිය මානව හිමිකම් සැසිවාරයේ අවධානය යොමු කර තිබේ මේ අතර මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය වාචික වාර්තාව මෙම 25 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment