'මම වයඹට තරග කරන්නේ මාමා වෙනුවෙන්. මට ලැබෙන මන්ත්‍රිකම ඕනෑම අවස්ථාවක මගේ මාමාට දෙන්න මම සූදානම්' යැයි ගුරුවරියක දණගැස්වීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් ගතකර සිටින සන්ධාන පළාත් සභා හිටපු මන්ත්‍රි ආනන්ද සරත් කුමාර මහතාගේ බෑනා කෙනකු වන ඩී. නිලන්ත විමලවීර මහතා 'මව්බිම'ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේය.
නිලන්ත විමලවීර මහතා මෙවර වයඹ පළාත් සභා මැතිවරණය සඳහා සන්ධාන අපේක්ෂකයකු වශයෙන් තරග කරයි. ගුරුවරියක දණගැස්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබීම නිසා සන්ධාන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රි ආනන්ද සරත් කුමාර මහතාට මෙවර පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා නොලැබුණු අතර ඒ වෙනුවට තමන්ට නාම යෝජනා ලැබුණ බවත් සරත් කුමාර මහතාට ලැබෙන සියලු ඡන්ද තමන් බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය. නාම යෝජනා ලබාගැනීම සඳහා ආනන්ද සරත් කුමාර මහතා උදවු කළ බවත් එසේම පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු, සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා මෙන්ම ජනාධිපතිද ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන් බවත් නිලන්ත විමලවීර මහතා පැවැසුවේය. පළාත් සභා මැතිවරණය සඳහා මේ සියලු දෙනාගේම සහයෝගයද ඇතිව ඉදිරිපත් වී ජය ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා දැනටමත් වැඩ කටයුතු රාශියක් ආරම්භ කර තිබෙන බවත් හෙතෙම කීය. |
Post a Comment