රජය හා යුද හමුදාවේ වැලිවේරියෙදී වෙඩිතබා ඝාතනය කළ අකිල අෂේන් තරුණයාගේ මරණයට වගකිව යුතු බවත් මෙයින් යුද හමුදාවට කිසිදු මැකිය නොහැකි කළු පැල්ලමක් ඇති වූ බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය.
වැලිවේරිය නගරයේදී පෙරේදා යුද හමුදාව හා ඇතිවූ ගැටුමින් තුවාල ලබා ගම්පහ රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් බැලීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ෆොන්සේකා මහතා එසේ පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆොන්සේකා මහතා මෙසේද කීය.
‘සාධාරණ අහිංසක ඉල්ලීමක් කළ් පිරිසකට හමුදාව විසින් වෙඩි තබා තිබෙනවා. අපි රෝහලට ගිහින් මේ ගැන ඒ අයගෙන් ඇහුවා. බොහෝ දෙනෙකුට වෙඩි වැදී ඇත්තේ උද්ඝෝෂණ කරන්න ගිහින් නෙමෙයි. නිකරුණේ සිටිය පුද්ගලයන්ට පවා වෙඩි වැදී තිබෙනවා. මේක දැකපු අහපු මට ලැජ්ජා හිතුණා. යුද හමුදා නිල ඇදුමක් ඇන්ද නිලධාරියෙක් විදියට’
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment