වැලිවේරිය ජනතා උද්ඝෝෂණය මැඬ පවත්වන්නට යුද හමුදාව සහ කොමාන්ඩෝ බලකාය කැඳවීම සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරින් අතරේ කනස්සල්ලක් මතු වී තිබේ. මෙම ප්‍රශ්නය පසුගිය කාලය මුළුල්ලේ පොලිසිය විසින් පාලනය කළ බවත් ජනතාවට පහර දෙන්නට අවස්ථා උදා වූ නමුත් පොලිසිය ඉවසිල්ලෙන් කටයුතු කර තිබෙන බවත් ඔවුන් පවසති.
ජනතාවට පහර දී තුවාල සිදුකර එක් අයෙකුට මරණය සිදුකළ මෙම සිද්ධියට සම්බන්ධ වාර්ථා හමුදාවට වාසි වන ලෙසට වාර්ථා කරන්නට පටන් ගෙන තිබීම ගැනත් උසස් පොලිස් නිලධාරින් අතරේ අප්‍රසාදයක් හටගෙන ඇත.
ජනතාවට ජල ප්‍රහාර එල්ල කරන්නට රැගෙන ආ ජල බවුසර් දෙක ප්‍රයෝජනයට ගෙන නැති බව පොලිසිය කියයි. ඒ වගේම හත්දහසක් පමණ රැස් වී සිටි වැලිවේරිය නගරයේ දී යුද හමුදාව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකළ බවත් වාර්ථා වී තිබේ. ඒ වෙනුවට වෙඩි තබමින්, පොලුවලින් පහර දෙමින්, පිහිවලින් කැපීම අවම බලය යෙදවීමක් නොවන බව පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් 16 වියැති පාසල් සිසුවෙක් වෙඩි වැදී මරුමුවට පත් වී තිබේ. පාසල් ගොස් පැමිණෙමින් සිටිය දී එල්ල වූ වෙඩි පහරක් සිසුවාගේ උදරයට වැදී ඇත. ඔහු වැලිවේරිය, හෙලන්වත්තේ පදිංචිකරුවෙකි. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා සිද්ධිය වූ වැලිවේරිය නගර මධ්‍යයට ඊයේ (02) දහවල් පැමිණියේය.
මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු දහවල් 11.30 පමණ කොළඹ නව නුවර ප්‍රධාන මාර්ගය විවෘත කෙරිණ. ළිං ජලයට රසායනික ද්‍රව්‍යයක් මුසුවන බවට ජනතාව චෝදනා කරන වැලිවේරිය,රතුපස්වල පිහිටි ‘වින්ග්‍රොස්’නැමැති කර්මාන්ත ශාලාව හේලීස් සමාගමට අයත් කම්හලක් බව දැනගන්නට තිබේ. හේලීස් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය ඇත්තේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කැසිනෝ ව්‍යාපාරද හිමි ධම්මික පෙරේරාට ය. මේවනවිට ධම්මික පෙරේරා සම්පත් බැංකුවේ සභාපතිවරයාද වෙයි. පෑන් ඒෂියා, වැලිබල් ෆිනෑන්ස්, එල් බී ෆිනෑන්ස්, රොසෙල්, ලංකා වෝලටයිල්ස්, ඩෙල්මේජ් ඇතුලු තවත් සමාගම් හතළිහක පමණ වැඩි කොටස් ප්‍රමාණයක් ධම්මික පෙරේරාට හිමි බව වාර්ථා වේ.
- ලක්බිම පුවත්පතිනි
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment