රටක් තුළ ඇත්තේ මෝඩ ,නුගත්,මිනීමරු දේශපාලුවන් නම්, එරටේ මිනිසුනට දෙවියන්ගේම පිහිටය...එමෙන්ම එම රටේ මිනිසුන් නැවත නැවත පත් කරගන්නේද එවැනි මෝඩ පාහරයන්,නරුමයන් හෝ දේශපාලනය හෝ රටේ දේශීයත්වය හෝ රටට ,ආදරේ නොමැති අය නම් එවන් රටක ඇත්තේ මෝඩ අමන මිනිසුන්ය .උන්ට ඇත්ත වටහා දිය නොහැකිය .....ඩෙන්සි උවායිස් ඔහුගේ දේශපාලනය සහ යථාර්ථය නම් පොතෙන් මේ බව මනාව වටහා දෙයි ...
මෙය අපේ රටටද ගැලපේ ...
අපේ රටේ ඇතැම් මෝඩ හරක් අද මේ වන විට පාර්ලිමේන්තු යවා ඇත්තේ ...
එදා ඇන්කර් ඇඩ් වලට පෙනී සිට මව්කිරි වෙනුවට ගවකිරි දීපියව් යන්න පෙන්වූ ,අඩ නිරුවතින් විවාහක රූ රැජිණ වූ ,ගණිකා ව්‍යාපාර පවත්වාගෙන යමින් රටම ගඳ ගැස්වූ ,අහිංසක තරුණියන් කාමාතුරයන්ට විකුණා මුදල් සෙවූ ,දැන් දෙවුර මනාකොට වසා කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින හොර පත්තිණි අම්මලාය ,මුන්ව මෙතරම් දුරට ගෙනාවේ අපේ රටේ දේශපාලුවන්ය .ඊට අවශ්‍ය ප්‍රසිද්දිය ලබා දුන්නේ .මාධ්‍ය කඩ දමාගෙන සිටිනා ...ලංකාව පුරා ගොවියන්ගේ ජිවිතවලට තර්ජන එල්ලවී කෘමිනාශක ගෙන්වන ,කෝටිපති විජාතිකයන්ය .
ඊළඟට එන්නේ ටෙළියක ප්‍රධාන චරිතයක් රඟපෑ පමණින් ජනප්‍රියවූ දේශපාලනය තබා රට ගැනවත් හරි අවබෝධයක් නැති වෙනත් රටක හැදී වැඩි මෙරටට පැමිණි ගණිකාවකි ....දේශපාලනය ගැන කෙසේවෙතත් සිංහලවත් හරියාකාර කතා කරගැනීමට බැරි ගොන් නාම්බෙකි ...එහෙන් මෙහෙන් අතු පැන අවසානයේ ජනාධිපතිවරයා සතුටු කළ පිණට එම පාලක පක්ෂයට එක්වී පාර්ලිමේන්තුවට රිංගු එකියෙකි ....මහන්සි නොවී හාන්සි වූ පමණින් මුන්ට ලොකු තැන්වලට ඒමේ පින පෑදී ඇත.
ඊළඟට එන්නේ තමන්ට පැවරෙන අමාත්‍යංශ යක් ගැනවත් හරිහැටි අවබෝධයක් නැති ගැහැණියකි ..තමන් සතුව ඇත්තේ විදුලිබල මණ්ඩලය වුව වෝල්ට් සහ වොට් අඳුනන්නේ නැති ගැහැණියකි ....
තවත් එකියක කෙලීය ..නිකම්ම කෙලී නොව අනර් කෙලිය ...මෙකිද දැන් දේශපාලනයේ ඇත....හරියට කතා කරගනිමටවත් නොහැකිය .
ඊළඟට ඇත්තේ එදා ත්‍රිමා විතාන වැනි තරුණ ශිෂ්‍යයන් පරාල ඇණ හිසේ ගසා දස වදදී මරා දැමු අමු කාලකන්ණි තිරිසනෙකි ,
තවත් එකෙකු ඇමැතියෙකි, නිකම් නොව පාරිසරික ඇමතිය එහෙත් ඌ කරන්නේ රක්ෂිත අභය භූමිවල ඌගෙ හෝටල් සැදීමය ..එහෙත් මිනිසුන් ට පෙනෙන්නට පාරිසරික මුද්දර නිකුත් කරයි ....මෙම පුද්ගලයා උපයන කොටි ගණන් කොමිස් සල්ලි තබා ඇත්තේ සීදුව පැත්තේ එකෙකු ළඟය ..ඒ ඌගෙ ආරක්ෂාව පිණිසය ...සිනමා නළුවෙකු වුවද මෙලෝ රහක් නැති රඟපෑමට තබා මාළු ලෑල්ලක් දීමටවත් සුදුසු නැති අමු අමනයෙකි ...ඒත් ඌ දැන් අමාත්‍යවරයෙකි ...
අනිකා සෙට්වෙන්නේ මුලින්ම මහනුවර හෝටලයක වේටර් වරයෙකු ලෙස වැඩ කර එතැනින් ඉවත්කළ පසුව විදේශගතවී සිට නැවත පැමිණ සිනමා පත්තරවල කතුවරුන් පසුපස ගොස් වැඳ වැටී මුගේ මුණ සහ විස්තර පත්තර වල ඔබාගෙන බලෙන් නළුවෙකු වී මිනිසුන් රැවටීමට දේශපාලනය ගැන කසිකබල් මෙලෝ රහක් නැති විකට සිනමා පට එකක් දෙකක් කර වීරයෙකු ,ජාති හිතවාදියෙකුවී පසුව හීන් සීරුවේ දේශපාලනයට එක් වීමෙන්ය .
යන්තම් ප්රසිද්ධවූ විට මිනිසුන්ගේ කතිරය ගැනීමට පහසුය ....සල්ලිය බාගේ අතේ නැතිඑවුන් දේශපාලනයට එන්නේ කලාවේ පිහිටෙනි .
එදා රූපවාහිනී නාලිකාවල කොළ බලාගෙන නිව්ස් කියූ එවුන් ...හැමදාම නිව්ස් කියා ගානක් හොයාගත නොහැකි නිසා කල්යල් බලා උන් දන්නා හඳුණන අනෙක් දේශපාලුවන් හට වැඳ වැටී යන්තම් පක්ෂයකට රිංගා ගනිති .උන් මේ දේශපාලුවන් හඳුනා ගන්නේද උන්ට එක්වරක් හෝ මුණගැසුන පසුව දිගින් දිගටම දුරකථන ඇමතුම් දී ,වැඳ වැටීමෙන් පසුව ය .
මුන් කරන විලිලජ්ජ නැති වැඩ තිබේ .එකෙකු දැන් ලේ වලින් පක්ෂය හැර නොයන බව කී නිසා ගලේ පැහරු බළලෙකු තත්වයට පත්ව ඇත .නැත්නම් ඌ ද පැන හමාරය ..
වූ සමග සිටි තවත් හාල් කෑල්ලක් වූ මනු ඌරා හිටිපිම්මක් ගසා ටෙළිවල පොල්ලෙලි ගැසූ ඉහතකී එකියක සමග ආණ්ඩුවට පැන එහි කටු ලෙවිමින් සිටී ....
තවත් එවුන් එන්නේ ක්‍රිකට් පිහිටෙනි .එකෙකු බට එකකින් ගසා කුඩා ශිෂ්‍යයෙකු ගේ ඔලුව පලා පහරදුන් පාහරයෙකි .එම දරුවා අදටත් මන්දබුද්ධික ය.එහෙත් පුදුමය නම් මාධ්‍ය මුන්ව ඔසවා තැබීමය ....දැන් මිනිසුනට එදා එකී පාහරයා කල දෑ අමතකය .
තව එකෙකු එන්නේද ක්‍රිකට් වලිනි ...දේශපාලුවන්ට දේශපාලනය ගැන අවබෝධයක් තිඑන උගත් එවුන් අවැසි නැත ...උන්ට අවශ්‍ය ප්‍රසිද්දියක් ඇති එවුන්ය.කුඩු විකුණා හෝ සල්ලි ඇත්නම් එයද සුදුසුකමකි .
ඇතැම් පුස් ඌරන් වැනි අපතයන් ,මිනීමරුවන් වුවද තාමත් ජනතාව අන්දවා ,නැවත පැමිණ සිටින්නේද එහෙයිනි ...
මුන්ව නග්ගවා තබන්නේ මාධ්‍යය .අද මාධ්‍යය හසුරුවන්නේ සල්ලි කාරයන්ය .මාධ්‍යවේදී හුද ජීවත්වීම අරබයා මුන්ගේ මාධ්‍ය කඩවල සේවය කරති .
උන්ට උසස්වීම් ලැබෙන්නේ ,කඩ හිමියන් සතුටු කල තරමටය .කඩ හිමියන් උන්ගේ ජරා,නීතිවිරෝධී වැඩ කරගැනීමට රජයේ හෝ වෙනත් එවුන්ගේ ඕන එපාකම් අනුව තමන්ගේ කඩවල වැඩ කරනා කොල්ලන් ,කෙල්ලන් , ඊට යොදා ගනිති .සත්‍යය මෙයයි ...මෙවන් මාධ්‍ය කඩ වලට ඔලුව ,බුද්ධිය ඇති එවුන් අවැසි නොවේ ...මිනිසුන්න්ගේ ඔලුවල් ඔල මොට්ටල මංඥන් කිරීමේ ජොබ් එක භාර දී ඇත්තේ කඩවල මේලෝ හසරක් දන්නේ නැති බබාලටය ... එහෙයිනි එදා ස්වීප් විකිනු එවුන් අද ටයි කෝට් ඇඳගෙන මාධ්‍ය ප්‍රධානින් වී සිටින්නේ .මාධ්‍ය සහ දේශපාලුවන් අතර බැඳීම ඉතා විශාලය .උන් උන්ගේ කඩ මෙහෙයවන්නේ උන්ගේම න්‍යාය පත්‍රයට අනුවය ....රටේ මාධ්‍ය මාෆියාවෙන් 95% හසුරුවන්නේ සහ ඒවා අයත්වන්නේ ජාතික හොරුන්ටය .එකෙකු මුදල් හොයන්නේ කුඩු මෙරටට ගෙන්වා ය .එකක් අයත්වන්නේ අහිංසක මිනිසුන්ගේ කණකර බඩු උගස් ගන්නා පවුලකටය ,අනික රටේ දහස් ගණන් ගොවියන් වකුගඩු අමාරුවෙන් මියයාමට කෘෂිරසායන ගෙන්වන,කෝටිපතියෙකුටය ,
දැන් දැන් එම පුද්ගලයා පවසන අයුරු රටේ හසුරුවන්නේ ඔහුය, රනිල් දැන් අනාථ නාථ වී සිටින්නේ මෙම පුද්ගලයා සමග ඇති අමනාපයෙනි .අනික් මාධ්‍ය අයත්වන්නේ රටේ සූදු කර්මාන්තය අයත් මහා දානපති ව්‍යාපාරික පවුලකටය .තවත් අයත් වන්නේ කැසිනෝ ශාලා අයත් පුද්ගලයෙකුටය .මේ කිසි දෙයක් නැති තවත් පැරණිම නාලිකාවක් එකතැන පල්වෙමින් එදාවේල ගැට ගසා ගැනීමට දඟලයි ..පටන්ගත් දා සිට අද වනතෙක් එහි උපකරණ අලුත්වී නොමැත ...මෙහි හිමිකරුගේ කටමැත දොඩවිම නිසාම අද මේ නාළිකාව අන්ත අසරණ අඩියක ඇත ......
රටේ තිබෙන රේඩියෝ නාලිකා ගණනාව ගණන් කල නොහේ, මේවට බලපත් ලැබෙන්නේද නිසි ක්‍රියා පටි පාටියකින් නොවේ. එදා සිටි පැරණි දක්ෂ මාධ්‍යවේදීන් කෙතරම් අයදුම් පත්රයන් යොමුකලද ඒවා ලබාදුන්නේ ඉහලින් ආ ඕඩර් අනුව බව රහසක් නොවේ.
අයි ,ටී ,එන් එකේ උපකරණ වලින් කාල්ටන් රූපවාහිනී බිහිවෙන්නේ එහෙයිණි ....ඒවා උන්ගේ බුදල නොව රටේ ජනතාවගේ මුදල්ය.දරුවන්ට අතල් දීමට, සිය දරුවන් අනාගතයේ රටේ ඔටුනු පැළඳවීමට කල්යල් බලා කටයුතු කරන ආදර්ශ්යමත් ,ආශ්චර්යවත් පියවරුන්ගේ හැටි එසේය ....දරුවන්ට ආතල් දීමට දළදා මාලිගය වටා කාර් රේස් තබති,කොළඹ මහපාරවල් වසා රේස් තබති .පිපාසයට වතුර ඉල්ලන මිනිස්සුන්ට මෝටාර් ,රොකට් ලෝන්ච් විදින හමුදා වාහන සමග හමුදා දඩ බල්ලන් එවති ,අහිංසකයන්ව අවුළුවති ,පහරදෙති,මරාදමති ,මේ පිටුපස බොරදියේ මාළුබාන බංකොලොත් දේශපාලන හිවල්ලු සිටියහ, උන්ද මෙයට පොහොර දැමු බව සත්‍යයකි .නමුත් එය වෙනත් කථාවකි ....කීමට ඇති බොහෝ දෑ අතර ඒවා මා මනස තුල දෝලනය වෙයි ....
ආණ්ඩුවේද මාධ්‍ය කඩ ඇත ..දැන් ඒවාවල සිටින්නේද .ආණ්ඩුව මොන වැරැද්දක් කළද .ඒවා නිවැරිදි කර මහරජා ට සළුපිලි පළඳවා , ඌ උඩ නග්ගවා ,ප්රශස්ති කියන,ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වැසිකිලි විවුර්ත කිරීම් වුවද පැය ගණන් සජීවී ලෙසින් දෙන ...ආණ්ඩුවට කුමන හෝ කරදරයක් වන විට ආණ්ඩුවේ කිලිටි රෙදි මෝඩයන් සේ හෝදන වන්දි භට්ටයන්ය ...මෙම කඩවලට ඉහල තනතුරුවලට පත්කරන්නේ කුණු අපුල්ලන්ගේ සංගමයෙනුත් ඉහළම ,සුපිරිම සුවච කීකරු එව්වෝය .
එම කඩවල වසර දහය දොළහ බඩුකිරු එවුන්ට පවා ඒ චාන්ස් නැත.මොකෙක් හරි උඩින් පත්වී ආ පසුව උන්ට සර් ,මැඩම් කියමින් උන් කියන විදිහට අරුන් කටයුතු කල යුතුය.
උන් කරන්නේ හාවන් ලවා රේස් දුවවීමය .
එනම් උන්ගේ පුටුව රැක ගැනීමට ඕනෑම නින්දිත ,නිහීන දෙයක් කරති ...ඇත්ත නම් ඕකය ...විදේශ රටවල තානාපතිකම් හිමිවන්නේද මෙවැනිම වූ ක්‍රියාවලියකිනි ...එදා අයි ටී එන් ආයතනය කාබාසිනියා කොට දැමු නිව්ටන් හට බුරුමයේ තානාපතිකම හිමිවීම එවැනි සංසිද්දියකි .
මුන්ගන අගේ ඇති කාටුන් පසුගියදා පලවී තිබීම නම් අගය කල යුතුවේ .කෙසේවෙතුදු අපේ රටේ මිනිසුනට මෙකි නොකී සත්‍යය තේරුම් යන්නේ කවදාද ......
ලංකා නිව්ස් කතුවැකියෙන්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment