BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, August 14, 2013

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් නීති විරෝධි ලෙස ඕස්ට්‍රෙලියාව බලා යාමේ උත්සාහයක්



තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් නීති විරෝධි ලෙස ඕස්ට්‍රෙලියාව බලා යාමේ උත්සාහයක් හෙලිවී ඇතැයි එම ප්‍රාන්ත පොලීසිය පවසයි.කඳවුරු කිහිපයක සිටි මෙයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 49 දෙනෙකු සොයා ගෙන ඇත.කාන්තාවන් සහ පිරිමි ළමයින් 8 දෙනෙකු සහ ගැහැනු ළමයින් 6 දෙනෙකු ඒ අතර වන බව ද පොලීසිය කියයි.මෙහිදි සොයා ගත් පිරිමි 35 දෙනා ගෙන් 5 දෙනෙකු කඳවුරැවාසීන් ‍නොවන බවද වාර්තා වෙයි.ඔවුන් ස්ථාන කිහිපයක සිට බෝට්ටුවට නැගීමට පැමිණ ඇත.මෙම පිරිස ඕස්ට්‍රෙලියාව බලා යැවිම සංවිධානය කළ වෙන්නායිහි දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.



ඕස්ට්‍රෙලියාව බලා ගිය පසු මෙම දෙදෙනාට මුදල් ගෙවීමේ පොරොන්දුව මත එය සංවිධානය කර ඇතැයි විමර්ශනවලින් හෙලි වූ බව පොලීසිය කියයි.අල්ලා ගනු ලැබූ පිරිමි 32 දෙදෙනෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් සෙසු පිරිස ආපසු ඔවුන් සිටි කඳවුරු කරා යවන බවත් පොලීසිය පැවසූ බව ද හින්දු පුවත් පත වාර්තා කරයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger