වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදුන් ගිනි අවි ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින බවත්, මෙම හේතුව නිසා සිරකරුවන් ආරක්ෂා කරගැනීම ගැටලුවක් බවට පත්ව ඇති බවත් අනාවරණය වෙයි.
නොසන්සුන්කාරී වාතාවරණයට පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව ටී 56 හා ටී 86 වැනි ස්වයංක්‍රීය ගිනි අවි තිබී ඇති නමුත් එම සිද්ධියෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය එම ගිනි අවි ලබාගෙන ඒ වෙනුවට ලබාදී ඇත්තේ කල් ඉකුත්වූ අක්‍රිය තත්ත්වයේ පවතින රිපීටර් හා ෂොට්ගන් වර්ගයේ ගිනි අවි බවත් පැවැසේ.
එසේ ලබාදුන් රිපීටර් දහඅටක හා ෂොට් ගන් එකොළහක ක්‍රියාකාරීත්වය මැන බැලීම සඳහා බෝගම්බර බන්ධනාගාරය මඟින් කළ පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙන්නේ ඉන් ක්‍රියාකාරී තත්ත්වයේ තිබී ඇත්තේ රිපීටර් තුනක් හා ෂොට් ගන් එකක් පමණක් බවත්, එම ගිනි අවිද ආරක්ෂිත තත්ත්වයේ නොපවතින බවද වැඩිදුරටත් අනාවරණය වී ඇත.
දරුණු ගණයේ සිරකරුවන් සමඟ ගැවසෙන බන්ධනාගාර නිලධාරීන්ට මෙවැනි අනාරක්ෂිත හා අක්‍රිය ගිනි අවි ලබාදීම තුළින් එම නිලධාරීන්ගේ ජීවිතවලටද හානියක් මෙන්ම සිරකරුවන්ට ආරක්‍ෂාව සැපයීමද බරපතළ ගැටලුවක් බවද පැවසෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පල්ලේගම මහතා කියා සිටියේ ආරක්ෂිත ගිනි අවි ඉල්ලා ආරක්ෂක ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සුදුසු අවි නිර්දේශ කර එවන ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා දන්වා ඇති බවත්ය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment