Friday, August 16, 2013
චීන්නු ශ්‍රී ලංකා කොඩිය ද සහිතව මෙරට මුහුදේ මාළු අල්ලති !
ගිවිසුමට ඇමැති අත්සන් තබයි
ලංකා මුහුදේ මාළු චීන්නු අල්ලති !
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ට්‍රොලර් යොදවා මාළු ඇල්ලීමට චීනයේ සමාගමකට අයිතිය හිමිවන ගිවිසුමකට රජයේ ප්‍රබල ඇමැතිවරයකු අත්සන් තබා ඇත. ඒ අනුව ඉදිරි කාලයේදී චීන නැව් හතළිහක් ශ්‍රී ලංකා කොඩිය ද සහිතව මෙරට මුහුදේ මාළු ඇල්ලීමට පටන්ගනු ඇතැයි ද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ට්‍රොලර් ක්‍රමයට මාළු ඇල්ලීමට මෙම ගිවිසුමෙන් අදාළ චීන සමාගමට අයිතිය හිමිවන අතර එලෙස අල්ලන මත්ස්‍ය අස්‌වැන්නෙන් සියයට තිහක් චීන සමාගමටද, සියයට දහයක් ලංකා ධීවර සංස්‌ථාවට ද, ඉතිරි සියයට හැට ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරියාට අයත් කොල්ලුපිටියේ පිහිටි ආයතනයකට ද හිමිවන පරිදි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.
ට්‍රොලර් ක්‍රමය යටතේ අල්ලන මත්ස්‍යයන්ගෙන් සියයට දහයක කොටසක් රටට හිමිවන බව කීවද එම මාළු සාලයන්ද, හාල්මැස්‌සන්ද නොමැති නම් වෙනත් මත්ස්‍ය වර්ගද යන්න නම් කර නැතැයි ද චීනයේ ට්‍රොaලර් යාත්‍රා මෙරට මුහුදු තීරයට පැමිණියහොත් තම රැකියා අහිමිවීමට ඉඩ ඇතැයි ද ධීවරයෝ පවසති.
චීන සමාගම අතර මීට පෙරාතුව ද ගිවිසුමක් අත්සන් කර තිබූ අතර ඒ අනුව මෙරට මුහුදු තීරයට පැමිණි චීන යාත්‍රා දෙකක් නාවික හමුදාව මගින් අල්ලා යවා තිබේ.
ඒ අනුව රජයේ ප්‍රබල ඇමැතිවරයකු චීනයට ගොස් අදාළ සමාගමේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට සිංහ ධජය ද සමඟ මෙරට මුහුදු තීරයේ මාළු ඇල්ලීමට හැකිවන පරිදි නව ගිවිසුමකට එළඹ තිබේ.
මෙම චීන ට්‍රොලර් යාත්‍රා පැමිණීම මෙරට ධීවර කර්මාන්තයේ පැවැත්මට දැඩි ලෙස බලපාන බැවින් වහාම ඒ පිළිබඳව සොයා බලන ලෙසත් චීන යාත්‍රා මෙරට මුහුදු තීරයට පැමිණෙන්නේ නම් ඊට දිවිහිමියෙන් එරෙහි වන බව ද ධීවර සංගම්වල නියෝජිaතයෝ කියා සිටියහ.
ශිරාන් රණසිංහ
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment