- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Monday, August 12, 2013
ලංකාවට වස දෙන ගමන් 'බේතුත්' හදලා...!
මෙරටට ගෙන්වන ආහාරපාන නිෂ්පාදනය කරන බහු ජාතික සමාගම් විසින් එම ආහාරවල අඩංගු විෂ රසායන නිසා වැළඳෙන රෝගවලට අදාළ ඖෂධ ද නිපදවන බව අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකාවට ආනයනය කරන බොහෝ ආහාර පාන වර්ග නිපදවන බහු ජාතික සමාගම් ඊට අමතරව කෘෂි රසායන ද්‍රව්‍යද, ඖෂධ වර්ග ද නිෂ්පාදනය කරති.
මේ බව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාද අවධාරණය කළ බව එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
බහුජාතික සමාගම් රැසක් ආහාර වර්ග නිෂ්පාදනය කිරීම මෙන්ම එම ආහාර නිසා වැළඳෙන රෝගවලට අදාළ ඖෂධ ද නිපදවන බව ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සාකච්ඡාවේදී නිලධාරීන්ට පවසා ඇත.
මෙනිසා ශ්‍රී ලංකාවට ගෙන්වන ආහාර පානවල විෂ රසායන අඩංගුද යන්න සොයා බැලීම සඳහා අති නවීන තාක්‍ෂණ උපකරණ පද්ධතියක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ස්‌ථාපිත කිරීමට ද ඇමැතිවරයා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාට උපදෙස් දී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කර ඔවුන්ගේ ද උපදෙස් අනුව මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීමට කැබිනට් සංදේශයක් සකස් කරන ලෙසද නිලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් දී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment