BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, August 11, 2013

ආගමික කටයුතු පරණ පල්ලියට

ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ඇතිවී තිබෙන නොසන්සුන් තාවයට හේතුවූ අලුතින් ඉදිකළ පල්ලියේ සිදු කරන ආගමික කටයුතු පරණ පල්ලියට ගෙන යාමටත් පරණ පල්ලිය සඳහා ඉඩ පහසුකම් ලබා දීමට එහි ඇති බෝ ගස ඉවත් කර පරණ පල්ලිය සංවර්ධනයට ඉඩකඩ ලබා දෙන බවත් මිට සුළු මොහොතකට පෙර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ජනතාව හමුවූ පාඨලී චම්පික රණවක අමාත්‍ය වරයා හා උදය ගම්මන්පිල මන්තිවරයා ප්‍රකාශ කළේය.


 නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාවේද එකතුවෙන් හෙට උදැසන ඇඳිරි නිතිය අවසන්වූ පසු පරණ පල්ලියේ ඇති බෝගස ඉවත් කර එම එම පල්ලිය සඳහා ඉඩ සකස් කර දෙන බවත් ඉන් අනතුරුව නව පල්ලියේ සිදු කල ආගමික කටයුතු පරණ පල්ලියේ සිදු කල යුතු බවත් ඔවුන් ප්‍රකාශ කළේය

 දිනේෂ් ගුණවර්ධන හා ඒ එච් එම් ෆවුසි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද බුද්ධ සාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේදී පවතී සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger