පළතුරු ටින් තුළ සූක්‍ෂම ලෙස අසුරා තිබියදී හෙරොයින් තොගයක් ....
අත්අඩංගුවට ගත් පළමු අවස්‌ථාව මෙය වන අතර එම ටින් තුළ හෙරොයින් කිලෝග්‍රෑම් එකක් තිබූ බව මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගනු ලැබූ පකිස්‌තානු ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයකු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
මොවුන් කොල්ලුපිටිය ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක සිට මෙම ජාවාරම කාලයක් තිස්‌සේ කරගෙන ගොස් ඇති බවද මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරකට අනුව හෙරොයින් මිලදී ගන්නා මුවාවෙන් මෙම වැටලීම සිදු කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවැසීය.

සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අපරාධ) වසන්ත දිසානායක, සුරාබදු අධිකාරී රොහාන් විඡේරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්aථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්‍ෂක කේ. පී. එස්. පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්‍ෂකවරුන් වන සමන්ත, ජානක, රත්නායක, සු රාබදු නිලධාරීන් වන කැනීසියස්, විඡේසේකර, අජිත්, සමරවීර, ගුණසේන, රියෑදුරු දිල්රුක් යන අය එම වැටලීම සිදු කළහ.
Post a Comment