භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන සිද්ධියේ සැකකරුවෙක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්ග දුමින්ද සිල්වා ඊයේ දිනයේ කොළොන්නාව ආසනයේ සහ කොළඹ දිස්ත‍්‍රික් බල මණ්ඩල සංවිධායකවරුන් මුණ ගැසෙමින් නැවත සිය දේශපාලන කටයුතු ආරම්භ කලේය.
තමන් කවදත් දේශපාලනය කළේ අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් බවත් ඉදිරියේදී එම ජනතාව වෙනුවෙන් තම සේවය දෙගුණ තෙගුණ කරන බවත් එහිදී මන්ත‍්‍රිවරයා කියා සිටියේය.
නුගේගොඩ පිහිටි ආර්. දුමින්ද සිල්වා පදනම් කාර්යාලයේදී මෙම උත්සවය පැවති අතර කොළොන්නාව නගර සභාවේ සහ කොටිකාවත්තල මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන්ද ඊට එක්ව සිටියේය.
මේ අතර භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර සිද්ධියේදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා වසර එක හමාරක් පමණ පාර්ලිමේන්තුවේ නිවාඩු ලබා සිටි දුමින්ද සිල්වා මහතා හෙට දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
සිංගප්පූරු රෝහලකදී ද ප‍්‍රතිකාර ලබා මීට මාස කීපයකට ඉහතදී දිවයිනට පැමිණි මන්ත‍්‍රීවරයා පසුව කොළඹ පෞද්ගලික රෝහලකදී නතර වී ප‍්‍රතිකාර ලැබීය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment