පක්‍ෂයේ නිළධාරීන් තෝරා පත් කර ගත් දිනයේ සිරිකොතට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විනය කමිටුව විසින් පැවැත්වූ පරීක්ෂණයෙන් වැරදි කරුවන් වී ඇති එම පක්‍ෂ දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න, බස්නාහිර පළාත් සභා එජාප මන්ත්‍රී ශිරාල් ලක්තිලක ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට තීරණය කල බව එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

එම පරීක්‍ෂණ කමිටු වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද දිනයේ භාරදී ඇති අතර මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක ඇතුළු 10 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය ඒ අනුව තීරණය කර ඇත.
Post a Comment