නිවසක් අහිමි තමාට උදවු කරන්නැයි අත් අකුරින් ලියූ පුවරුවක් සමග සිඟමන් යැදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පසු ඔහු ස්ටර්ලිං පවුම් ලක්ෂ 3ක් වටිනා නිවසක වෙසෙන්නෙක් බව සොයාගත් පුවතක් ලන්ඩනයෙන් වාර්තා වේ.
තම සුරතල් බල්ලා සමග නිරිත දිග ලන්ඩනයේ පුට්නි වීදියේ නැට්වෙස්ට් බැංකුවට පැමිණෙන පාරිභෝගිකයන් ඉලක්ක කරමින් වසර ගණනාවක් සිඟමන් යැදි සයිමන් රයිට් නම් මෙම පුද්ගලයා දිනකට උපයන පවුම් 200-300ක් පමණ වන මුදල අසල ඇති වෙළඳසැලකින් මාරුකරගෙන තමන්ගේ නිදන මල්ලද රැගෙන සවසට ෆුල්හැම් වීදියේ තම නිවසට යාමට පුරුදුව සිට ඇත.
බල්ලා සපාකනු ඇතැයි පාරිභෝගිකයන් බියට පත්කර ඔහු මුදල් උපයා ඇතැයිද සිඟමන් ලබා නොදෙන්නවුන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇතැයිද පැවසේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සමාජ විරෝධී හැසිරීම පිළිබඳ තීන්දුවක් යටතට ඔහු පත්කර තිබෙන අතර ලන්ඩනයේ කිසිදු ස්ථානයක සිඟමන් යැදීම තහනම් කර තිබේ. ලබන වසරේ මැයි මසට පෙර ඔහු මෙම කොන්දේසි බිඳ දැමුවහොත් වසර 5ක සිරදඬුවමකට හා දඩ මුදලකට ලක් වනු ඇත.
වසර ගණනාවක් තිස්සේ සයිමන්ට සිඟමන් ලබාදුන් ලන්ඩන වැසියෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඔහු ලබාදී ඇති පවුම් 20ක පමණ මුදල නැවත ලබා ගැනීමට හැකිනම් හොඳ බවයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment