(රිදීමාලියද්ද සහ ඇඹිලිපිටිය)
රිදීමාලියෑද්දේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ජුනි 01 වැනිදා රාත්‍රියේදී මවකට සහ දියණියකට පහර දුන්නේ ය. දෙදෙනාම රෝහලේ ය. සභාපතිතුමා කූඩුවේ ය.
ඒ අතර, මෙයට දින 10 කට පෙර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දුන්නේ ය. පහර කෑ දෙදෙනා රෝහලේ ය. සභාපති ඊයේ අධිකරණයට භාරවිය.
ඇඹිලිපිටියේ සභාපතිතුමා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්‌ඩායම් හතරක් යොදවා තිබිණි. මේ අතර තමා මාධ්‍යයට බය නැති බවත්, නීතිඥයකු මාර්ගයෙන් උසාවියට භාර වන බවත් සභාපතිතුමා දුරකථනයෙන් zදිවයිනZට ද කීවේ ය. මෙයට දස දිනකට පෙර පොලිසියට පහර දීමෙන් තමා වරදක් කළ බවත්, තමාට චෝදනාවක් ඇති බවත්, තමා දන්නේ පසුගිය 1 වැනි දා පොලිසියෙන් පැමිණ තමාට දැනුම් දීමක් කළ පසු යෑයි ඒ සභාපතිතුමා කියයි. මේ සභාපතිතුමා ඇඟේ චූ කරගන්නා මට්‌ටමේ ලඳ බොළඳ තැනැත්තකු බව පෙනෙයි.පොලිසියට පහර දීමෙන් තමා වරදක් කළ බව එතුමා නො දනී. රාජකාරියේ නියුතු රජයේ සේවකයකුට රාජකාරි කාලය තුළදී පහර දීම බරපතළ වරදකි. මෙය සාමාන්‍ය පුරවැසියකු විසින් කරන ලද්දේ නම් ඔහු පොලිසියට ගෙන ගොස් වරු තුනක් බිම තබා පහර දී, තවත් වරු තුනක් පොලිසියේ බාල්කයේ එල්ලා පහරදීම ස්‌ථිර ය. ඊළඟට වැළ මදුලක් සේ උසාවියට ඉදිරිපත් කරන ඔහුට යැමට සිදුවන්නේ දැඩි සත්කාර ඒකකයට ය. ඒ කිසිත් නො දන්නා මේ ප්‍රාදේශීය සභාපතිතුමා බබෙකි. එහෙත් නීතිය නො දැන සිටීම දඬුවම් නො ලැබීමට හේතුවක් නොවේ. වැරදි කරන මානසික රෝගීනට හැර අනෙක් සියලු දෙනාට දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් දීම ස්‌ථිර ය. නීතිය නො දැන සිටීම දඬුවම් නොලැබීමට හේතුවක් නොවේ.
දේශපාලනඥයන් පාරවල් දිගේ පිස්‌සු කෙළීම, ගෙවල්වලට පැන පහරදීම, කාන්තාවන් සහ කුඩා ළමයින් අපහරණය කිරීම, ඉඩම් කොල්ලකෑම, දේශපාලනඥයන්ගේ දරුවන් පාරවල් දිගේ පිස්‌සු කෙළීම සහ තම පියවරුන් කරන දේ ඒ ආකාරයෙන් ම සිදු කිරීම ප්‍රවණතාවක් ලෙස එන්ට එන්ටම ඉහළ යමින් පවතී. මිනීමැරුම්, කුඩු බිස්‌නස්, ගංජා ප්‍රවාහනය සහ හොර හරක් ජාවාරම යනාදිය සමඟ දේශපාලනඥයන්ගේ නම් ඈඳීම එන්ට එන්ටම වැඩි වෙමින් තිබේ. තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ ලොක්‌කාට මිනීමැරුම් චෝදනාවක් තිබේ. එහෙත් ඔහු ඇප පිට එළියට පැමිණ හරි අගේට සභාව මෙහෙයවයි. සැකයේ වාසිය විත්තියට යන පදනම මත සැකකරුවකු උසාවිය ඉදිරිපිටදී වරදකරු වනතුරු ඔහු නිවැරැදිකරුවකු ලෙස සැලකීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ තිබේ. බලයේ සිටින දේශපාලනඥයකු වරදක් කළ විට අඩුම ගණනේ නඩුව අසා ඉවර වන තුරුවත් තම තනතුරුවලින් ඉවත් වී සිටීම යුතුකම ය. එහෙත් එම දේශපාලන සංස්‌කෘතිය අද ඇත්තේ රාජ්‍ය ලේඛනාගාරයේ ඇති පරණ පත්තරවල තිබෙන දේශපාලන ප්‍රවෘත්ති සහ ලිපිවල පමණි.
ඕනෑම ගොබ්බයකුට ඡන්දය ඉල්ලීමට හැකි වීමේ පදනම මත වැස්‌සට පමණක් පාසල් ගිය අය දේශපාලනයට අවතීර්ණ වීමේ තත්ත්වය එහෙමම පවතී. ඒ අයට චාරයක් නැත. විවිධ තේ කඩවලින් නිකුත් කරන ආචාර්ය උපාධිය ලබා ගන්නා ඔවුහු එතැන් පටන් තමන් උගතුන් බව කල්පනා කරති. එහෙත් එය වැඩකට නැති ව්‍යායාමයකි. අරක්‌කු බෝතලයක් දුටු තැන ඔවුන්ගේ උගත්කම දෙපිටින් යයි. ගැහැනියක් දුටු තැන ඔවුන්ගේ කැතකම ඉස්‌මතු වී, ඒ ගැහැනියගේ සැමියා හෝ සහෝදරයා සමඟ ගුටි කෙළ ගැනීම සිදු වෙයි. මේ රටේ නව දේශපාලන පරම්පරාව පිළිබඳ සත්‍යය එය ය. ඇඹිලිපිටියේ සහ රිදීමාලියද්දේ සිදුවීම් එහි ප්‍රතිරාවයන් ය.
Exract by Divaina Editorial
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment