BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, March 4, 2015

'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්

CSN නාලිකාවේ හා තම පවුලේ සාමාජිකයන් අතර ඇති එකම සම්බන්ධය එහි ප්‍රේක්ෂකයන් වීම පමණක් බව නාමල් රාජපක්ෂ  මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය.

" CSN නාලිකාව ගැන ප්‍රශ්න එහි අධ්‍යක්ෂක මණ්ඩලයෙන් විමසිය යුතුයි, අපේ තියෙන සම්බන්ධය තමයි අපි එහි ප්‍රේක්ෂකයෝ, අපි එක බලනවා, බලන කොට අධ්‍යක්ෂක මණ්ඩලය ගැන අපි දන්නේ නැහැ, ඒ කට්ටියගෙන් ඇහුවොත් හොඳයි" යනුවෙන් ඔහු පැවසීය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවත් CSN නාලිකාව හිටපු ජනාධිපතිවරයාගේ පුතුන්ට අයිති බව 2012 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එවකට සභාපති උපාලි ධර්මදාස බීබීසීයට පැවසූ අතර ඉන් පසු අවස්ථා ගණනාවක දී පසුගිය රජයේ ප්‍රධානීන් ද එය රාජපක්ෂ පවුලට අයත් නාලිකාවක් බව ප්‍රකාශ කරන ලදී.
ප්‍රදර්ශන භාණ්ඩයක් සම්බන්ධයෙන් තම සොයුරු යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ විමර්ශන ඒකකයට අද දින ප්‍රකාශයක් ලබා දුන් බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මැතිවරණය පෙර මෙන්ම පසු ද එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ වරදක් කර නොමැති නිසා ඕනෑම වෙලාවක නිර්දෝෂී බව ඔප්පු කිරිමට සුදානම් බවයි.
තම පියා වන හිටපු ජනාධිපතිවරයා දේශපාලනයට පැමිණෙන්නේදැයි විමසිය යුත්තේ ඔහුගෙන් බවයි මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger